gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයේ මොළකරුවන් ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්!

එළඹෙන අප්‍රේල් මස (21) වැනිදාට පෙර මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළි කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින් සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අප්‍රේල් (21) වනදාට පෙර එයට වගකිව යුතු කණ්ඩායමක් හෙළි කරන්න සූදානමි වන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,

“පාස්කු ප්‍රහාරය පිළිබද පරීක්ෂණ විධිමත්ව ක්‍රියාත්මක වෙනවා. අප්‍රේල් මාසයේ (21) වනදාට නැවත පාස්කු ප්‍රහාරයේ දිනය සිහිපත් වෙනවා. බොහෝ දුරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ දරමින් තිබෙනවා අප්‍රේල් (21) වනදා පෙර එයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කරන්න.”

දෙයියන්දර ප්‍රදේශයේ පැවැත්වෙන ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka