මාර්තු 15 වන දින පැවැත්වීමට නියමිතව ඇත්තේ වනජීවී සංගණනයක් නොවන බවත් එය සරල සමීක්ෂණයක් පමණක් බවත් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.
ප‍්‍රමාණවත් දත්ත නොමැති නිසා මූලික දත්ත රැස් කිරීම සඳහා පමණක් සමීක්ෂණය පවත්වන බවත් පැවසූ ඔහු මෙම කාර්ය සමච්චලයට ලක් නොකරන ලෙසත් ඉල්ලා සිටී.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පරිසරය පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැස්වීමේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.