‘ශතයක් අඩු කරන්නෑ..’ - අදානිගේ ලිපියෙන් රජය රත්වේ.. උත්රයක් ලියන්න එක දිගට සාකච්චා!
අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම විසින් යෝජිත මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එවා ඇති ලිපියට දිය යුතු පිළිතුර තීරණය කිරීමට සාකච්ඡා පැවැත්වෙන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
අදාල ව්‍යාපෘතියෙන් ඉවත් වන්නේද නැද්ද යන්න දින 14 කදී දැනුම් දෙන්නැයි පවසමින් බලශක්ති අමාත්‍යාංශය යොමු කළ ලිපියට අදානි සමාගම පිළිතුරු ඒවා තිබෙන බවත් පැවැත්වෙන සාකච්ඡා වලින් පසුව ඊට නිල ප්‍රතිචාරය ලබා දීම බලාපොරොත්තුවයි.
අදානි සමාගම පසුගිය දා බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ යෝජිත මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා ගිවිසුම්ගත වීමේදී එකඟ වූ මුල් කොන්දේසි අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සූදානම් බවයි.
මෙගා වොට් 484 ක සුළං විදුලි බලාගාර දෙකක් සහ ඊට අදාළ සම්ප්‍රේෂණ පද්ධතියක් ද මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට නියමිතව ඇති අතර අනෙක් ව්‍යාපෘති දෙකෙන් කිලෝ වොට් 220 ක සහ 400 ක සම්ප්‍රේෂණ ජාලකරණ පුළුල් කිරිමක් සිදු කිරීමට නියමිතය.
‘ශතයක් අඩු කරන්නෑ..’ - අදානිගේ ලිපියෙන් රජය රත්වේ.. උත්රයක් ලියන්න එක දිගට සාකච්චා!
2025-03-21T15:33:00+05:30
Gossip Lanka Hot News






