gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනපතිගේ මාධ්‍ය ලේකම්වරයකුගෙන් රුපියල් කෝටි 60ක වන්දි ඉල්ලයි..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ (නව මාධ්‍ය) සිසිර සෙන්පති කහවත්ත මහතාගෙන් රුපියල් කෝටි 60ක වන්දි මුදලක් ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් නීතිඥ මනෝජ් ගමගේ මහතා එන්තරවාසියක් යවා ඇත.

ඩී.එම්.එම්.එම්. විජයරත්න නීතීඥ සමාගම හරහා එම එන්තරවාසිය යවා තිබේ.පසුගියදා පැවති කෝප් කමිටුව හමුවේදී ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් සාකච්ඡා කළ අවස්ථාවේදී කරුණු විකෘති කරමින් අසත්‍ය, පදනම් විරහිත ද්වේශ සහගත අයුරින් තමා සම්බන්ධයෙන් ප්‍රකාශයන් කිරීම යන චෝදනා ගොනු කරමින් මෙම එන්තරවාසිය නීතීඥ මනෝජ් ගමගේ මහතා විසින් යවා ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka