gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හොරු අල්ලන්න ඇවිත් එක ඩීල් එකෙන් ලක්ෂ 40ක් ගහලා… මාලිමා ඛනිජ තෙල් ලොක්කො ගස්… ආනන්ද පාලිත හෙළිදරව්වක…!

තමා ඛනිජ තෙල් සංස්ථාවේ සේවය කරන සමයේ පූර්ණකාලීනව වෘත්තීය සමිති සඳහා නිදහස් වූ පුද්ගලයෙකු නොවූ බව සමගි පොදු වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසයි. තමා කිසිදු අවස්ථාවක අතිකාල හෝ ණය ලබා ගෙන නොමැති බවත් එකල තමාගේ පැමිණීමේ පිටවීමේ ලේඛන අනුමත කළේ වර්තමාන ආණ්ඩුව පත්කළ විධායක අධ්‍යක්ෂවරයා බවත් හෙතෙම අවධාරණය කරයි. 
වර්තමාන ආණ්ඩුව පත්කළ ඛනිජ තෙල් සංස්ථා සභාපති ඇතුළු නිලධාරීන් අතිශය දූෂිත බවටත් ඉන්ධන වංචාවකට පෞද්ගලික ඉන්ධන රථ සමාගමකට පැන වූ ලක්ෂ 75කට අධික දඩයක් එම පිරිස එකතු වී ලක්ෂ 35කට අඩු කළ බවටත් ආනන්ද පාලිත චෝදනා කරයි. ලක්ෂ 40කට අධික මුදල ගියේ කාගේ සාක්කුවට දැයි ජනතාව ප්‍රශ්න කළ යුතු බවයි, ඔහු සඳහන් කළේ.

දූෂිතයන් අල්ලා දඬුවම් කිරීමට පැමිණි ආණ්ඩුවක් යටතේ සිදුවන මෙම දැවැන්ත වංචා ගැන තෛනිකායික මහනාහිමිවරුන්, කාදිනල්තුමා ඇතුළු ආගමික නායකයන්ද ප්‍රශ්න කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කරයි.

මාධ්‍ය හමුවක් කැඳවමින් ආනන්ද පාලිත මේ බව හෙළි කළේය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka