මීට පෙර ඇති කරගෙන තිබූ අනුමැතීන්ට යටත්ව මන්නාරම මෙගා වොට් 484ක සුළං විදුලි ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට කැමැත්තෙන් පසුවනබව අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම බලශක්ති අමාත්‍යාංශයට දන්වා තිබේ. පසුගිය දා අදානි ග්‍රීන් එනර්ජි, ශ්‍රී ලංකාවේ මන්නාරමේ පිහිටි ඔවුන්ගේ සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කර තිබුණේ එම ව්‍යාපෘති යෝජනාව නැවත සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද නව සාකච්ඡා කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පිහිටුවීමත් සමඟය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියක් යවමින්, ලංකා විදුලිබල මණ්ඩලය සහ රජයේ දෙපාර්තමේන්තු සමඟ වසර දෙකක සාකච්ඡාවලින් පසුව සහ සාකච්ඡා වට 14 කට පසුව, සමාගම බොහෝ අනුමැතීන් ලබාගෙන තිබුණු බවත්, අනතුරුව පුනර්ජනනීය බලශක්තිවල මිල ගණන් ද අනුමත වූ බවත්ය.
අදානි ග්‍රීන් එනජි ශ්‍රී ලංකා සමාගම දන්වා ඇත්තේ අති නවීන තාක්ෂණයෙන් අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහ ඊට අනුබද්ධිත සම්ප්‍රේෂණ පද්ධතිය සංවර්ධනය කිරීමත් මේ ව්‍යාපෘතිය හරහා තමන් අපේක්ෂා කළ බවය.
ශ්‍රී ලංකාවේ බලශක්ති යටිතල පහසුකම් සඳහා සහාය වීම සඳහා 220 KV සහ 400 KV සම්ප්‍රේෂණ ජාල පුළුල් කිරීමක් සමඟ මන්නාරම සහ පූනරින් හි MW 484 සුළං බලාගාර පිහිටුවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය. සමාගම ව්‍යාපෘතියේ පූර්ව සංවර්ධන කටයුතු සඳහා ඩොලර් මිලියන 5 ක් ද වියදම් කළ බව වාර්තා විය.
මේ තත්ත්වය තුළ අදානි ග්‍රීන් එනර්ජි සමාගම පෙන්වා දෙන්නේ වසර ගණනක් සාකච්ඡාකර එළඹි මෙම අනුමැතීන් සඳහා ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් නිල වශයෙන් අනුමැතිය ලැබෙන තෙක් ඉවසීමෙන් බලා සිටින බවය.
ඔවුන් පවසන්නේ කිසිම ආකාරයක නිල සන්නිවේදනයක් නොවූ පසුබිමක මෙම ව්‍යාපෘතියෙන් ඉවත්විමට තීරණය කළ බවය.
ශ්‍රී ලංකා රජය විසින් අනුමත කරන ලද පරිදි, පුනර්ජනනීය බලශක්ති සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට තමන් සැමවිටම කැමැත්තෙන් සිටින බව අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම පැවසීය.
-lankasara