පෙම්වතාගේ පිහි පහරින් 19 හැවිරිදි පෙම්වතිය මරුට..
සිය පෙම්වතියට පිහියකින් ඇණ ඝාතනය කළ බව කියන සැකකරුවකු වෙන්නප්පුව පොලීසියට පැමිණ බාර වීමෙන් පසුව එම පෙම්වතා අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසය කියයි. වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල පාසල ආසන්නයේ නිවසකදී අද 18 වැනිදා සවස 5.30 6.00 අතර මෙම ඝාතනය සිදුවී ඇති බව දැනට වාර්ථාවේ.
වෙන්නප්පුව - වයික්කාල,පාසල අසල පදිංචිව සිටි විමල්කා තුෂාරි (අවු:19) නම්වූ තරුණියක් මෙම සිද්ධියෙන් මිය ගොස් තිබේ.
මාරවිල - වීරහේන ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකු සමග මිය ගොස් ඇති තරුණිය වසර 1 ½ ක පමණ කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර , මෙම සම්බන්ධතාවය නවත්වා දමමු යැයි පෙම්වතිය විසින් පෙම්වතාට යෝජනා කර ඇත.එම යෝජනාව සම්බන්ධයෙන් දෙදෙනා අතර පෙම්වතියගේ නිවසේදී ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව පිහි ඇණුම සිදුවී ඇති බව පොලීසිය කියයි.
(චන්දන හෙන්දුරුගොඩ )
-lankadeepa
පෙම්වතාගේ පිහි පහරින් 19 හැවිරිදි පෙම්වතිය මරුට..
2025-03-19T06:55:00+05:30
Gossip Lanka Hot News





