gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අපි රනිල්ගේ ලොල්ලො නෙමේ - තිස්ස අත්තනායක (video)

එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් පත්කළ කමිටුවෙන් තමන් ඉවත්වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණයක් මත තමන් මෙම සාකච්ඡා සඳහා එක් වුවත් පක්ෂයට සම්බන්ධ පිරිස් එම සාකච්ඡාවලට විරෝධය පළකරමින් සිදුකරන ප්‍රකාශ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවත් අත්තනායක මහතා සඳහන් කළේය.

ඉදිරි මැතිවරණ සඳහා ඒක්ව තරඟ කිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය සමග පැවැත්වෙන මෙම සාකච්ඡා වට කිහිපයක් පසුගිය දිනවල පැවැත්විණ.

එහිදි සමගි ජනබලවේගය නියෝජනය කරමින් එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් කබීර් හෂීම්, ගයන්ත කරුණාතිලක, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඇතුලු පිරිසක් සාකච්ඡා සඳහා එක්ව සිටියහ.
 
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka