gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

එජාප – සජබ දීගයට නායකයන්ගේ පූර්ණ ආශීර්වාදය

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්වීම සම්බන්ධයෙන් පවත්වන සාකච්ඡා සාර්ථක මට්ටමකට පැමිණ තිබෙන බවත් නායකත්වය හා ලාංඡනය පිළිබඳ මෙතෙක් සාකච්ඡාවට බදුන් වී නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාළ සදහන් කළාය.

නායකත්වය හා ලාංඡනය පිළිබඳ ප්‍රශ්නය මුලට දමා සාකච්ඡා අතරමග නතර කර ගැනීමට අවශ්‍ය නැති බවත් පළාත් පාලන මැතිවරණය සදහා එක්ව තරග කිරීමට වන එකඟතාවට පැමිණීම සාකච්ඡාවල මූලික අරමුණ බවද මහ ලේකම් තලතා අතුකෝරාළ සදහන් කළාය.

මහ ලේකම් තලතා අතුකෝරාළ සදහන් කළේ,

“නායකත්වය හා ලාංඡනය සම්බන්ධ ප්‍රශ්න පස්සේ බේරා ගන්න පුළුවන්. අපි මේ සාකච්ඡා කරන්නේ එජාපයේම තව කොටසක් සමඟයි. එජාපයෙන් කැඩිලා ගිය එජාප පාක්ෂිකයන් තමයි සජබෙත් ඉන්නේ. මේ කණ්ඩායම් දෙකට දැන් නායකයෝ දෙන්නෙක් ඉන්නවා.

එළැඹෙන පළාත් පාලන මැතිවරණය ඉතාම වැදගත් මැතිවරණයක්. ඊට පෙර එකඟතාවට පැමිණීම තමයි අපේ අරමුණ. මේ ඇතිවන එකඟතාව තුළ වෙනත් පක්ෂත් අප සමඟ එකතු වීමට පුළුවන්, කණ්ඩායමක් ලෙස එක්ව පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වීම සදහා එකඟතාවට පැමිණි පසු අපිට ලාංඡනය ගැන කතා කරන්න පුළුවන්.

මුලින් මේ ගැන කතා කළොත් එජාපය අලියා ඕන කියයි. සජබ දුරකථනය ඕන කියයි. ඒක මුලට දාගෙන සාකච්ඡා නතර කරන්න අපිට අවශ්‍යතාවක් නැහැ. ඇතැම් විට අපි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන්නේ පොදු ලාංඡනයකින් වෙන්නත් පුළුවන්. පක්ෂ දෙක එකතු විය යුතුයි කියන ස්ථාවරයේ පාක්ෂිකයෝ ඉන්නවා. ඒ සදහා අපි ආරම්භයක් ගෙන තිබෙනවා.

ඉදිරියේදී ගැටලු මතු වන ආකාරය අනුව ඒ ගැන කතා කරනවා. නායකත්වය ගැන කතා කරන්න තරම් අපි දුරක් ඇවිත් නැහැ. සාකච්ඡා සදහා පක්ෂ දෙකේ නායකයන්ගේ පූර්ණ ආශීර්වාදය ලබාදී තිබෙනවා. මුලින් එකඟතාවට පැමිණීම තමයි අපේ අරමුණ.

ඊට පස්සේ අනිත් ප්‍රශ්න විසඳගන්න පුළුවන්. යම් යම් කාරණා සම්බන්ධයෙන් මුලින් එකතු වෙනවා. උදාහරණයක් විදිහට පළාත් පාලන මැතිවරණයට මහනුවර මහ නගර සභාවට නාම යෝජනා සකස් කිරීමේදී කණ්ඩායම් දෙකෙන්ම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම පෙන්වා දෙන්න පුළුවන්.”

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් තලතා අතුකෝරාළ මේ බව සදහන් කළාය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka