gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉරාජ් - සුදත්ත අතර යූටියුබ් ගැටුම වැලිකඩ පොලිසියේ!

ගායන ශිල්පී යූටියුබ් මාධ්‍යවේදී ඉරාජ් වීරරත්න ඊයේ (27) උදෑසන වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණ තිබුනේ ඔහුට එරෙහිව රංගන ශිල්පී හා යූටියුබ් මාධයවේදී සුදත්ත තිලකසිරි සිදුකර තිබූ පැමිණිල්ලක් විභාග කිරීමට ඔහුව කැඳවා තිබූ නිසාවෙනි. නමුත් සුදන්ත එම අවස්තාවට පැමිණ නොතිබූ අතර පැමිණි මාධ්‍ය කැමරා ඉදිරියේ ඉරාජ් සිය ගැටලුව ඉදිරිපත් කරමින් කියා සිටියේ,

තමාගේ පවුලට හා යුද්ධය බේරාගත් නායකයින්ට ස්වාමීන් වහන්සේලාට සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තර අපහාස සිදුකරන සුදන්ත ගැන පරීක්ෂණ කරන ලෙසයි.

දිගින් දිගටම අදාළ පුද්ගලයා විසින් යූටියුබ් හරහා තම දෙමාපියන්ට සහ ස්වාමීන් වහන්සේලාට අගෞරව කරමින් සිටින බව පෙන්වා දුන් නමුත් පැමිණිල්ල තමාට එරෙහිව යොමවූයේ ඇයිද යන්න ගැන කිසිවක් කීවේ නැත.

වාර්තාවන ආකාරයට පසුගිය සති දෙකක පමණ කාලය තුළදී සුදත්ත තිලකසිරි හෙවත් සුදා නමින් හදුන්වන අයගේ යූටියුබ් නාලිකාවට රිපොර්ට් කර එය වසා දමන්නට ඉරාජ් කටයුතු කර තිබූ නමුත් ඔහු නැවත එය සකසා ගෙන තිබුණි. අනතුරුව ඉරාජ් තවත් පුද්ගලයෙකු ගෙන්වාගෙන ඉරාජ්ගේ යූටියුබ් නාලිකාව හරහා සුදා කාන්තාවන් දෙන්නෙකු සමග සිටින 'ලීක්' වූ වීඩියෝවක් පෙන්වන බව දක්වමින් එහි කරුණු විස්තර කරමින් වැඩසටහනක් ඉදිරිපත් කලේය. නමුත් අවසන එවැනි වීඩියෝවක් ඉදිරිපත් කරේ නැති නමුත් එම විස්තරයේදී සුදාට විශාල මඩ ප්‍රහාරයක් දියත් කළේය.

සුදන්ත තිලකසිරි ඉරාජ්ට එරෙහිව පොලිස් පැමිනිලි කර තිබුනේ මේ කාරණාව මුල් කරගෙනයි.

යූටියුබ් දේශපාලන ප්‍රවාහයන් සැලකීමේදී ඉරාජ් පොහොට්ටුවත් සුදන්ත මාලිමාවත් නියෝජනය කරන අතර ඔවුනතර මතභේද සදහා දේශපාලනයද සම්බන්ධ කරගෙන තිබෙයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka