විශාල දේශපාලන බලයක් සහිතව අත්තනෝමතිකව කටයුතු කරමින් රැම්සා සම්මුතිය යටතේ රැම්සා තෙත් බිමක් බවට ප්‍රකාශ කර ඇති මහරගම බෝගහවත්ත කුඹුරු යායේ අනීතික ඉදිකිරීම් සිදුකරන අතරම වෙල් යාය ගොඩකිරීමේ අත්තනෝමතික හැසිරීමක් ප්‍රකට කළ ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂවරයෙක් වූ සෝමරත්න දිසානායක විසින් සිදුකළ සියලුම අනීතික කටයුතු වළක්වා පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ තිරසාර වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට මහරගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුව එම භූමියේ සිදුකළ ස්ථානීය පරීක්ෂණයකින් අනතුරුව තීරණය කර තිබේ.
ගම්වැසියන් පිරිසක් විසින් සෝමරත්න දිසානායක විසින් සිය දේශපාලන බලය, මෙන්ම ඇතැම් අවස්ථාවල මැර බලය ද සහිතව දියත් කළ අනිතික හැසිරීම දැඩිව ප්‍රශ්නකරමින් මෙම කෙත්බිම රැකගැනීමට උත්සාහ කර තිබුණේ එය කලාපයක් තුළ ජලය බැස යන ප්‍රධානම ස්වභාවික තෙත් බිම් කලාපය බවත් එය ගොඩවන්නේ නම් පරිසර පද්ධතියම දැවැන්ත ව්‍යසනයකට ලක්වනු ඇති බවට වූ සාධක ද ඉදිරිපත් කරමිනි.
මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීරගේ ප්‍රධානත්වයෙන් 2025.02.11 දින රැස්වුණ කමිටුව 2025.02.20 දින ස්ථානීය පරීක්ෂාවක් කිරීමට කටයුතු කර තිබුණු අතර එම අවස්ථාවට කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී තිබිණි.
එම කමිටුව සිදුකළ ස්ථානීය පරීක්ෂණයෙන් අනතුරුව අනීතිකව සිය බලය යොදා ගනිමින් සෝමරත්න දිසානායක විසින් මෙම කෙත් බිම් පද්ධතියට සිදුකර තිබූ හානිය මුළුමනින්ම යථාවත් කිරීමට කමිටුව විසින් තීරණය කර තිබේ.
මහරගම ගොවිජන සංවර්ධන නිලධාරීන්ගේ ඇතැමෙක් ලබැදියාව මත සිදුකළ අනීතික ක්‍රියාවන් නිසා මෙම කුඹුරු බිම, සංවේදී පරිසර කලාපය උපක්‍රම ශීලීව ගොඩකර විනාශ කිරීමට ඇතැම් පිරිස්වලට ඉඩ ලැබුණු බවත් , එම විනාශය වලකා කුඹුරු බිම සරුසාර කිරීමට සහය වන ලෙසත්, ගම්වැසියන් පාර්ලිමේන්තු මන්ත්‍රී , සංවර්ධන කමිටු සභාපති දේවානන්ද සුරවීගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
- lankasara
