gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සජබ – එජාප හවුල කුඩුපට්ටම්!

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග පක්ෂය එක්වී එළ⁣ඹෙන මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැතියත් මේ වනවිට එම සාකච්ඡා අතරමග නතර වී ඇති බව වාර්තා වේ.

සමගි ජන බලවේගය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සමග පැවැත්වෙන සාකච්ඡාවලට බාධා එල්ල වී ඇති බවද වාර්තා වේ.

මේ අතර සමගි ජන බලවේග පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර කිසිම සාකච්ඡාවක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ සමහර ප්‍රතිපත්තිවලට සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ගොඩක් විරුද්ධ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ සදහන් කරයි.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සදහන් කළේ, සිය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් තමන් පක්ෂ දෙක අතර පැවැත්වෙන සාකච්ඡාවලින් පසුගියදා ඉවත් වු බවයි.

මේ අතර එළ⁣ඹෙන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ, මහනුවර, ගාල්ල, සහ නුවරඑළිය යන මහනගර සභා සදහා එක්සත් ජාතික පක්ෂය “අලියා” ලකුණ යටතේ තරග කිරීමට තීරණය කර ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka