gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පිවිතුරු ගම්මන්පිල ජනපති පච කිරීමට සැරසෙයි!

ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ මෙතෙක් කලක් වචනවලින් බොරු කියූ ආණ්ඩුව මේ වන විට සංඛ්‍යා ලේඛණවලින් ද බොරු ප්‍රකාශ කිරීමට පටන්ගෙන ඇති බවයි.

ඔහු පවසන්නේ මෙවර අයවැය මඟින් කිසිඳු ආදායම් යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බවයි.

මෙවර අයවැය ඉදිරිපත් කිරීමේදී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සිදු කළ දේවල් තමන්ගේ කර ගැනිමට වත්මන් ජනාධිපතිවරයා උත්සාහ දැරූ බවත්, විදේශ සංචිතය ඩොලර් බිලියන 06 ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත් වූ බවට ජනාධිපතිවරයා අයවැය කතාව තුළ ප්‍රකාශ කළ ද, රනිල් වික්‍රමසිංහ ධුරයෙන් ඉවත්වන විට ඩොලර් බිලියන 5.9 ක් තිබූ බවද ගම්මන්පිල මහතා පැවසීය.

ඔහු පැවසූවේ නාවල අන්නාසි, බිබිලේ දොඩම් වගේ තඹුත්තේගම පච ලෙස ජනතාව දැන් ප්‍රකාශ කරන බවත්, තඹුත්තේගම ජනතාව දැන් ඔවුන්ගේ ගම ඇසූ විට පවසන්නේ අනුරාධපුර යනුවෙන් බවයි.

මෙම අයවැය තුළ සමස්තයක් ලෙස ඇත්තේ රනිල්ගේ කලිසම හොඳ හැටි ඇඳගෙන අනුරගේ වගේ යනවා වැනි ආකාරයක් බවත්, නමුත් රනිල්ගේ කලිසම ඉනට ටිකක් ලොකු නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බෙල්ට් එකක් ඉල්ලගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka