පවතින පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික අධිකාරිය දිවයින පුරා වැටලීම් සිදුකරන බව වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.
වෙළෙඳ පොළේ සහල් හිගයට මුවා වී පාලන මිලට වඩා මිලට සහල් අලෙවි කිරීම නිසා පාරිභෝගිකයන් සූරාකෑමට ලක්වූ බවද අමාත්‍ය වසන්ත සමරසිංහ සදහන් කරයි.
එනිසා ඉදිරියේදී දවසට සහල් කිලෝ ලක්ෂ 15ක් ලබාදීම සදහා රජය සතු වී මෝල් ආරම්භ කරන බවත් ඒ හරහා සහල් වෙළදපොළ තුළ පවතින තත්ත්වය පාලනය කිරීමට ආණ්ඩුව මැදිහත් වන බවද අමාත්‍යවරයා සදහන් කරයි.
වී මිලදී ගෙන රජය සතු මෝල් හරහා සහල් කර සතොස සහ සමූපකාර ව්‍යාපාරය හරහා පාරිභෝගිකයින්ට වෙළදපොළේ පවතින පාලන මිලට වඩා අඩු මුදලට ලබාදීමේ ක්‍රියාවලියට උත්සාහ කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.
අමාත්‍ය වසන්ත සමරසිංහ සදහන් කළේ,
“වී සහල් කිරීමට ගතවන්නේ පැය 24ටත් අඩු කාලයක්. එනිසා මේ පිළිබදවත් හිතලා ආණ්ඩුව සතොස, මේ වනවිටත් දවසට සහල් කිලෝ ලක්ෂ 6ක් ලබාදීම සදහා පෞද්ගලික අංශයේ වී මෝල් සොයාගැනීම සදහා සිදුකළ ලන්සු කැදවීම සදහා මේ වනවිට කටයුතු කරමින් ඉන්නවා.
ඒ වගේම ඉදිරියට දවසට සහල් කිලෝ ලක්ෂ 15ක් ලබාදීම සදහා රජය සතු වී මෝල් ආරම්භ කිරීමේ ක්‍රියාවලියට ආණ්ඩුව කටයුතු කරනවා. එනිසා මේ හරහා සහල් වෙළදපොළ තුළ පවතින මේ තත්වය පාලනය කරන්න ආණ්ඩුව මැදිහත් වෙනවා.
එනිසා ගබඩා කරන වී ටික ආණ්ඩුවේ ක්‍රියාවලියක් හරහා ගබඩා පවත්වාගෙන යනවා. ඒ වගේම ආණ්ඩුව මැදිහත්වෙලා සහල් වෙළදපොළට සහල් ලබාදීමේ ක්‍රියාවලියට අපි මැදිහත්වෙනවා.
සතොස, වී අලෙවි මණ්ඩලය වෙළදපොළ තුළ 10%ක 15%ක ප්‍රමාණයක් වී ටික මිලදී ගැනීමටත්, ඒවා සහල් කර සතොස හා සමූපකාර ව්‍යාපාරය හරහා පාරිභෝගිකයින්ට වෙළදපොළ තුළ පවතින පාලන මිලට වඩා අඩු මුදලට ලබාදීමේ ක්‍රියාවලියට යන්න උත්සාහ කරනවා.”