gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

රාජපක්ෂවරයෙකු නැතුව රට ගෙනියන්න බෑ... රාජපක්ෂ කියන්නේ බ්‍රෑන්ඩ් එකක්!

ඊයේ (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසූවේ රාජපක්ෂවරයෙකු නොමැතිව වත්මන් ආණ්ඩුවට එදිනෙදා රාජ්‍ය පාලන කටයුතු කරගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බවයි.

මෙරට ග්‍රාමීය දේශපාලනය ගොඩ නැගී ඇත්තේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වටා බවත්, එබැවින් වත්මන් ආණ්ඩුවට දේශපාලනය තුළ යැපීමට හැකි වන්නේ මහින්දගේ චරිතය ඝාතනය කීරීම තුළ පමණක් බවත් ඔහු පවසයි.

පසුගිය අරගලයේදී නිවාසවලට ගිනි තබන ලද පිරිස් මේ වන විට ලබාගත් වන්දි සම්බන්ධයෙන් කතා කරන බවත් ගිනිගත් පිරිසට වන්දි ලබා ගැනීමට සිදුවූයේ නිවාස ගිනි තැබීමට කටයුතු කළ නිසා බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

එහිදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

“රාජපක්ෂ කෙනෙක් නැතුව මේ ආණ්ඩුවට එදිනෙදා රාජ්‍ය  පාලනය කරගන්නට බැරි තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නෙ.ඒ නිසා අපිත් බලන් ඉන්නවා.එක පැත්තකින් ආණ්ඩුවේ නොහැකියාව, ආණ්ඩුව අදටත් හිතනවා අනුර කුමාර ජනාධිපතිතුමා පෞද්ගලිකවත් හිතනවා මහින්ද රාජපක්ෂ තමයි බ්‍රෑන්ඩ් එක, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වටේ තමයි මේ රටේ ග්‍රාමීය දේශපාලනය ගොඩනැගිල තියෙන්නේ.

ඒ ග්‍රාමීය දේශපාලනය ගොඩනැගිලා තියෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දේශපාලන චරිතය සහ එතුමාගේ චරිතය ඝාතනය කිරීම තුළ පමණයි මොවුන්ට දේශපාලනය යැපෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා මොකද, මහින්ද මහත්තයාගේ රෙකෝඩ් එක කඩන්න අමාරුයි.

ගිනි ගත්තු අය ගැන කියනවා, එතකොට ගිනි තියපු අය, ගිනි ගත්ත අයට වන්දි තියන්න සිද්ද වුනේ ගිනි තියපු නිසානේ. ගිනි තියපු අය ඇවිල්ලා ගිනි ගත්ත අයගේ වන්දි ගැන කතා කරනවා. මේකේ වන්දිය වැඩි කියන අය විජේරාම නිවසේ ඇස්තමේන්තු කරන්න කියපු තක්සේරු දෙපාර්තමේන්තුවෙන්ම තමයි යන්න ඇත්තේ. ඒකේ වන්දිය හරි කියනවා, මේකේ වන්දිය වැඩි කියනවා”
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka