gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප‍්‍රහාරයේ මහ රහස එලියට... ස්විට්සරලන්තයේ සිට ප‍්‍රධාන සාක්‍ෂි එයි!

ශ්‍රී ලංකාවෙන් පලාගොස් දැනට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබන මොහමඩ් මහිලාර් මොහමඩ් හන්සිරි හෙවත් අසාද් මවුලානා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මූලික කටයුතු රජය සිදුකර ඇතැයි වාර්තාවෙයි.

අසාද් මවුලානා විසින් චැනල් ෆෝ නාළිකාව ඔස්සේ සිදු කරන ලද ප්‍රකාශය හා පාස්කු ප්‍රහාරයට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම රජයේ අරමුණ වී තිබේ.

අසාද් මවුලානාට ශ්‍රී ලංකාවට පැමිණීමට ප්‍රධාන බාධාවක්ව තිබූ ඔහුට එරෙහි ගුවන් ගමන් තහනමද මේ වන විට ඉවත් කරගෙන ඇතැයි වාර්තා වෙයි.

එමෙන්ම, ස්විට්සර්ලන්තයේ සරණාගත භාවයේ රැඳී සිටියදී ශ්‍රී ලංකාවට පැමිණිමට අසාද් මවුලානාට නීත්‍යනුකුලව ඉඩකඩක් ස්විට්සර්ලන්ත රජයේ පාර්ශ්වයෙන් ද නොමැති නිසා ඔහුට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ කඩ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයේ ප්‍රධානීන් කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මගින් ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා ගැනීමට කටයුතු කර ඇති බවට ද වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.

– දුමින්ද සංජීව බාලසූරිය
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka