නීතිපති පාරින්ද රණසිංහ මහතා එම ධුරයෙන් ඉවත් වනතුරු හෝ ඉවත් කරන තුරු විරෝධතා මාලාවක් ඇරඹීමට සංවිධානය වෙමින් තිබේ.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබීම මීට හේතුවයි.
ලසන්ත වික්‍රමතුංගගේ දියණියද අග්‍රාමාත්‍යවරිය වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තෙන් දෝශාභියෝගයක් ගෙනැවිත් නීතිපතිවරයා ධුරයෙන් ඉවත් කරන ලෙසයි.
ඊයේ පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා කැදවා අදහස් විමසා තිබේ.