gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මේජර් නිලයට පහළ සියලුම යුද හමුදා පුද්ගලයින් පාස්පෝට් එක අදාල රෙජිමේන්තුවට භාර දිය යුතුයි! යුද හමුදාවෙන් නියෝගයක්!

මේජර් නිලයට පහළින් සිටින සියලුම ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින්ට ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අදාළ රෙජිමේන්තු වෙත භාර දෙන ලෙස උපදෙස් ලබා දී ඇත.

පරිපාලනමය අවශ්‍යතා මත මෙම තීරණය ගත් බවත් විදේශ පුහුණුවීම් සහ රාජකාරී කටයුතු සඳහා විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ ප්‍රමාදයන් විසඳීමේ අරමුණින් මෙම තීරණය ගත් බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ පවසා තිබේ.

බොහෝ යුද හමුදා සාමාජිකයින් නිවසින් බැහැරව සිටින බැවින් නිල අවශ්‍යතා සඳහා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම ප්‍රමාද විය හැකි බව ඔහු පෙන්වා දී ඇත.

එම විදේශ ගමන් බලපත්‍ර රෙජිමේන්තුවලින් ඕනෑම වේලාවක පුද්ගලික භාවිතය සඳහා ලබා ගත හැකි බව ද ප්‍රකාශකයා කීවේය.

මෙම තීරණය නීත්‍යානුකූල නොවන ආකාරයට සේවය අත්හැර යෑම වැලැක්වීමටදැයි ඩේලි මිරර් කළ විමසීමකට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශවරයා පිළිතුරු දී ඇත්තේ එය හුදු  පරිපාලනමය හේතූන් මත ගත් තීරණයක් බවය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka