gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රට බේරගන්න ගෝඨා ආ පාරේ නාමලුත් එයි!

නාමල් රාජපක්ෂගේ නායකත්වය මත පදනම් වූ රටට නායකත්වය ඇතිව ජනතාව දිනවන දැවැන්ත වැඩසටහනක් මත පදනම් වූ පක්ෂයක් වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පළාත් පාලන මැතිවරණයට තනි පක්ෂයක් වශයෙන් ඉදිරිපත් වී ජයගන්නා බව එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවැසීය.‍

ඔහු ඒසේ පැවසුවේ, ගාල්ල දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ පළාත් පාලන නායකයන් හමුවීමෙන් පසුව පැවැති ජනමාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු පොදුජන පෙරමුණේ මහලේකම්වරයා මෙසේද කීය.

“අපි වෙනදා වගේම ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී පොදුජන පෙරමුණ පක්ෂය තනිවම පළාත් පාලන මැතිවරණයට තරඟ කරනවා. මේ සඳහා නායකත්වය ලබාදෙන්නේ අපේ පක්ෂයේ ජාතික නාමල් රාජපක්ෂ මැතිතුමායි. මෙය ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී සිදුවන ප්‍රධානතම වෙනස එයයි. ඉතා කෙටි කාලයක් අප පාක්ෂිකයන් කලකිරීමට පත්ව සිටියා. ඒය සිදුවුණේ අප පක්ෂය සම්බන්ධයෙන් රට තුළ පතුරුවන ලද බොරු ප්‍රචාරය නිසයි. නමුත් අද වනවිට එය විසඳී තියනවා.පක්ෂය ශක්තිමත්ව තිබෙනවා.

මේ ආණ්ඩුව දිගින් දිගටම ජනතාව රැවැට්ටුවා. මේ තරම් බොරු කියා දිගින් දිගටම ජනතාව රැවැට්ටු ආණ්ඩුවක් ලංකා දේශාපලන ඉතිහාසයේවත් නෑ. බොරුවෙන් ජන්ද දිනන්න හැකි උණත් බොරුවෙන් ආණ්ඩු කරන්න බෑ කියලා ජාතික ජන බලවේග ආණ්ඩුව මේ වන විට ඔප්පු කර තියනවා.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka