පස්වන විධායක ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය වෙත දැනුම් දී ඇතැයි නාමල් කියයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවට වන බුද්ධි තොරතුරක් ලැබී ඇති බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ හිරු සලකුණ දේශපාලන සංවාදය හා එක් වෙමිනි.
ඔහු පවසන ආකාරයට මෙම බුද්ධි තොරතුර ලබා දී ඇත්තේ “නැෂනල් ඉන්ටලිජන්ස්” යනුවෙන් හදුන්වන බුද්ධි අංශයකි.
එම බුද්ධි අංශය අදාල තොරතුර එවා ඇත්තේ පස්වන විධායක ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය වෙතයි.
නාමල්ම පවසන ආකාරයට, “නැෂනල් ඉන්ටලිජන්ස්” යනුවෙන් ඔහු හදුන්වන බුද්ධි අංශයේ කෙටි නාමය එන්.අයි.බී වේ.
මෙම බුද්ධි තොරතුර පස්වන විධායක ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය වෙත එවා ඇත්තේ මීට මාස කිහිපයකට පෙරයි.
ඒ, අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වීමට පෙරද පසුද යන්න නිශ්චිතව තහවුරු කිරීමට නාමල් රාජපක්ෂ මහතා අසමත් ය.
එම බුද්ධි තොරතුර නිල වශයෙන් එවූ ලිපිය ඔහු ළග තිබේදැයි මාධ්‍යවේදීන් ඇසූ විට ඊට සෘජු පිළිතුරක් දීමට ඔහු අපොහොසත් විය.
