අලුත්කඩේ ඝාතනයට නීතීඥ වෙස් ගත් කාන්තාවකුත් ඇවිත්... ගිනි අවිය ගෙනාවේ ඇයයි
අලුත් කඩේ උසාවි සංකීර්ණය තුළදී ගනේමුල්ලේ සංජීව නම් පාතාල නායකයා වෙඩි තබා ඝාතනය කිරීම සඳහා නීතිඥවරයෙකු ලෙස වෙස්ගත් ඝාතකයාට සහාය දීම සඳහා නීතිඥවරියක් ලෙස වෙස් වලාගත් කාන්තාවක්ද පැමිණ ඇති බව පොලිසිය හෙළි කරගෙන ඇත.
අදාළ කාන්තාව විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ සූක්ෂම ලෙස සඟවාගෙන එන ලද රිවෝල්වර් ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා කියා සිටියි.
නීතිඥවරයෙකු ලෙස වෙස් වලාගත් ඝාතකයා හිස් අතින් අධිකරණ භූමියට පැමිණි පැමිණ ඉන් පසු කාන්තාවගෙන් ගිනි අවිය ලබාගෙන ඇති බවටත් හෙළි වී ඇත.
අලුත්කඩේ ඝාතනයට නීතීඥ වෙස් ගත් කාන්තාවකුත් ඇවිත්... ගිනි අවිය ගෙනාවේ ඇයයි
2025-02-19T20:06:00+05:30
Gossip Lanka Hot News





