gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ගණේමුල්ල සංජීව ඝාතනය : වෙඩික්කරුගේ පෙම්වතිය අත්අඩංගුවට!

පසුගියදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කරන ලද පාතාල නායක ගණේමුල්ල සංජීවගේ ඝාතනයට සම්බන්ධ බවට සැක කරන වෙඩික්කරුගේ පෙම්වතිය ඊයේ (21) මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහරගම දඹහේන පාරේ පදිංචි ත්‍රීරෝද රියදුරෙකු වූ සමිඳු දිල්ෂාන් පියුමංග කඳනආරච්චි නමැති ප්‍රධාන සැකකරු සමග හාදවී සිටි බව කියන මහරගම පමුණුව ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක සේවය කරන මෙම කාන්තාව,

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇති බව මහරගම පොලීසියේ උසස් නිලධාරියෙකු විසින් තහවුරු කරන ලදී.

පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇති ආකාරයට, ඇය ඝාතන සැලසුම දැනසිට ඇති අතර ඝාතනයෙන් අනතුරුව තම පෙම්වතා සමග ඉන්දියාවට පැනයාමට සූදානම්ව සිට ඇත. ඝාතනය සිදු කර සමිඳු දිල්ශාන් පළායද්දී මැයට ඇමතුම් දෙමින් පුත්තලමේ බෝට්ටුවකට නංවාගන්නට සූදානමින් සිට ඇත.

වෙඩික්කරු සහ පෙම්වතිය රටින් පිටව යාමට සැලසුම් කර ඒ සඳහා මීගමුව ප්‍රදේශයට යාමට සූදානම් වී සිටි අතර එතැන් සිට පලායන ස්ථානයට තනිව ගමන් කරන්නට සූදානමින් සිටි බව  පොලිසිය සොයාගත් අතර මෙම කාන්තාව මීගමුව ප්‍රදේශයට රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුද ඝාතන සැලසුම දැනසිටි බවට සැකකරන නිසා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත. මේ සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම සියලු අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ විශේෂ උපදෙස් මත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිදුවීමට අදාළව වෙඩික්කරු පලාගිය රථයේ රියදුරු හා වෙඩික්කරු හා නීතීඥ වෙසින් පැමිණි සෙව්වන්දි නමැති කාන්තාවට සහය දුන් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට පත්ව ඇත. සෙව්වන්දිි නමැති කාන්තාාව තවම සොයාගෙන නැත.

පොලීසිය දැන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් ලබා ගන්නා තොරතුරු මත පදනම්ව, මෙම ඝාතනයට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් සොයා ගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මක කරමින් පවතී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka