සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කිරීමේ සිද්ධියට එරෙහිව ඊයේ (6) දහවල් කොළඹ, නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූ අතර.
එහිදී පොලීසිය මැදිහත්ව නීතිපතිවරයාට ලිපියක් බාරදීම සඳහා විරෝධතාකරුවන් අතරින් 5 දෙනෙකුට නීතිපති කාර්‍යාලය තුළට ඇතුළුවීමට අවස්ථාව ලබාදුන්නේය.
එම අවස්ථාව සඳහා මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන, ලසන්ත වික්‍රමතුංග මහතාගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග නීතීඥ සේනක, අචලා සෙනවිරත්න සහ ජෝසප් ස්ටාලින් යන පිරිස ඉදිරිපත්වූ අතර එම ලිපිය භාරගැනීම සඳහා නීතිපතිවරයා වෙනුවට රජයේ ජේෂ්ඨ නීතීඥ කණිෂ්ක රාජකරුණා සහ තවත් නිලධාරියෙක් පැමිණ සිටි බව වාර්තා වේ.
එහිදී මාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායම සිදුවීම සම්බන්ධයෙන් එම නිලධාරීන්ගෙන් කරුණු විමසීමේදී එම නිලධාරියා විසින් “අපි කාටවත් උත්තර දෙන්න බැඳිලා නැහැ.. කාටහරි අගතියක් වෙනවානම් උසාවියට යන්න” ලෙස පවසා ඇත.
එහිදී මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා විමසා ඇත්තේ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ලසන්ත වික්‍රමසිංහ මහතාගේ සහෝදරයාට එම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් ඇති හෙයින් කරුණාකර තොරතුරු ලබාදෙන ලෙසයි.
කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් අදාළ නිලධාරියා විසින් එම පනතේ වගන්තිය කුමක්දැයි තරිඳු ජයවර්ධන මහතාගෙන් විමසා ඇති අතර “අපි වින්දිතයෙකුට හෝ උත්තරදීමට බැඳී නැති බව පවසා තිබේ”
- unusuma