2025.02.21 වන දින රාත්‍රී කාලයේ කොටහේන පොලිස් වසමේ දුරකථන අලෙවිසැලක් තුලදී වයස අවුරුදු 38 ක් වන සිවලිංගම් සශිකුමාර් යන අයට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් යතුරුපැදියකින් පලා යමින් සිටියදී පොලිස් නිලධාරින් විසින් ලුහුබැඳ ගොස් ඝාතනය සඳහා භාවිතා කරන ලද ටී – 56 ගිනි අවිය සහ යතුරුපැදිය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකල විර්මශනයේදී ඔවුන් විසින් සඟවා තබා ඇති අවි ආයුධ සම්බන්ධව අනාවරණයක් සිදුකර ඇති අතර එම තොරතුරු මත එම ආයුධ සොයා ගැනීම සඳහා සැකකරුවන් මට්ටක්කුලිය පොලිස් වසමේ කාක දූපත ප්‍රදේශයට රැගෙන ගොස් ඇති අතර එම අවස්ථාවේ සැකකරුවන් එහිදී නොසන්සුන්ව හැසිරෙමින් කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයාගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සහා කිරීමේදී වැටලීම සඳහා ගිය පොලිස් කොස්තාපල් වරයෙකුගේ එක් පාදයකට වෙඩි වැදී ඇත.
එම අවස්ථාවේ වැටලීමට සහභාගී වූ නිලධාරියෙකු විසින් නිලධාරින්ගේ ආරක්ෂාව සදහා වෙඩි තැබීමක් සිදු කර ඇති අතර එහිදී එම සැකකරුවන් දෙදෙනාද තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා ද කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබයි.
මියගිය සැකකරුවන් අවුරුදු 32 සහ 35 වයස් වල පසුවූ පිළියන්දල සහ මෝදර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
මෙහිදී, වයස අවුරුදු 32 ක් වූ සැකකරු වෙඩික්කරු ලෙස ක්‍රියා කර ඇති අතර මොහු යුධ හමුදාවේ සිට 2015 ර්වෂයේදී ඉවත් වී සිටි අයෙකු බවට ද අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් කොටහේන පොලිසිය විසින් විර්මශන සිදුකර ගෙන යනු ලබයි.