gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පළිගැනීම ඇරඹෙයි... සංජීවගේ අවතාර බිල්ලක් සොයයි

පසුගිය 19 වන දා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී ගනේමුල්ලේ සංජීවගේ ඝාතනය සැලසුම් කළ බවට චෝදනා නැගෙන, කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ බිරිඳගේ පවුලේ සාමාජිකයින් ඝාතනය කිරීමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ වූ බව පොලීසිය පවසයි.

එම ඝාතනය සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බුද්ධි නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

මේ වනවිට කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සහ බිරිඳ මේ ඩුබායි රාජ්‍යය තුළ සැඟවී සිටින අතර බිරිඳගේ පවුලේ සාමාජිකයින් ගිරිඋල්ල පන්නල ප්‍රදේශයේ ජීවත්වන බව පැවසේ.

ඊයේ (24) පස්වරුවේ එම නිවස වීඩියෝගත කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳව ලැබුනු බුද්ධි තොරතුරක් මත වහා ක්‍රියාත්මකවූ පොලිසිය එම පුද්ලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සතුව තිබී විදේශීය රටක නිෂ්පාදනය කළ ගිනි අවියක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.

එම අවස්ථාවේ කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ බිරිඳගේ මව, පියා සහ බාල සහෝදරයා ඇතුළු පිරිසක් නිවසේ රැදී සිට ඇති බව පොලිසිය පවසයි.

එම ගිනි අවිය විදේශ රටක රැදී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ඩුබායි සමීර නැමැත්තා විසින් සැකකරුවන්ට ලබාදී ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුවන අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka