gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

සැමියා හිරේ අනියම් සැමියා සමග ගෙදරින් ගොස් ඇත්තේ මාසෙකට කලින් - ඉෂාරා සෙව්වන්දිගේ පැටිකිරිය

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුවූ වෙඩිතැබීම් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය වන නීතිඥවරියක ලෙස වෙස්ගත්ව වෙඩික්කරුට ගිනි අවිය ලබාදුන් බවට සැක කෙරෙන කාන්තාව පිළිබඳ වැදගත් තොරතුරු රැසක් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මිනුවන්ගොඩ, කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචි විසිහය හැවිරිදි ඉෂාරා සෙව්වන්දි වීරසිංහ නමැති මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ඇයගේ ඡායාරූපයක් මහජන සහාය ඉල්ලමින් නිකුත් කර තිබේ. පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇති ආකාරයට ඇය පාතාල ලෝකයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සක්‍රීයව සම්බන්ධ වී සිටින චරිතයක් බව තහවුරු වී ඇත.

ඇයගේ පවුල් පසුබිම ගැඹුරින් විමර්ශනය කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඇයගේ සැමියා මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින බවයි. පසුගිය වසරේදී පාතාල මර්දන විශේෂ පොලිස් කණ්ඩායමේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චාමර මහතා ඇතුළු කණ්ඩායමක් විසින් පිස්තෝලයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාවගේ පවුලේ අපරාධ පසුබිම තවදුරටත් තහවුරු කරමින්, ඇයගේ සහෝදරයෙකු පසුගිය වසරේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විමර්ශනවලින් වැඩිදුරටත් හෙළිවී ඇත්තේ මෙම කාන්තාව 2024 ජනවාරි 24 වැනි දින තම නිවසෙන් පිටව ගොස් ඇත්තේ විදේශගත වීමට යන බව පවසමින් බවයි. ඇය තම අනියම් සබඳතාවක් පැවැත්වූ පුද්ගලයා සමඟ නිවසෙන් පිටව ගොස් ඇති අතර, එතැන් සිට දෙදෙනාම නිවසට පැමිණ නොමැත.

ඇයගේ මව තම දියණිය අවසන් වරට දැක ඇත්තේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සීසීටීවී කැමරා දර්ශනවල සටහන්ව ඇති, නීතිඥවරියක ලෙස වෙස්ගත්ව සිටි අවස්ථාවේදීය.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, මෙම කාන්තාව මේ වන විට ඩුබායි රටට පලා ගොස් සැඟවී සිටින බවට සැලකෙන කෙහෙල්බද්දර පත්මේ නමැති පාතාල කල්ලි නායකයාගේ සංවිධානයේ ප්‍රබල සාමාජිකාවක ලෙස ක්‍රියාත්මක වී ඇත. ඇය මෙම කල්ලියේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අමතරව ගිනි අවි ප්‍රවාහනයේද නිරත වන බවට තොරතුරු ලැබී තිබේ.

පොලිසිය විසින් දැනටමත් මුහුදු මාර්ග ඔස්සේ ඇය රටින් පලායාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර, මෙම සැලසුම් සහගත ඝාතනයේ සියලු තොරතුරු ඉදිරියේදී හෙළිදරව් කරගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන තවදුරටත් පුළුල්ව සිදුකරමින් පවතින අතර,

පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම කාන්තාව පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් ඒ බව වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසයි. මෙවැනි සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා මහජන සහයෝගය ඉතා වැදගත් බව පොලිසිය අවධාරණය කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka