gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නායක තුමා මේ හදන්නේ විස සර්පයො ඉන්න හුඹහට අත දාන්න… සජබ එජාප හවුලට යන ගමන ගැන හිරුණිකා කියයි! (VIDEO)

විස සර්පයන් ඉන්නා හුඹහට අත දැමීමට සූදානම් නොවන ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට කීවාය. සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්වීමට කරනු ලබනා උත්සාහයට විරෝධය දක්වමින් ඇය මේ ප්‍රකාශ කළේ ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙසේ ද පැවසුවාය.

එ”ක්සත් ජාතික පක්ෂයට තමයි වාසි දෙපාර්ශවය එක්වෙන එකෙන්. එහෙම නැතිනම් සමගි ජන බලවේගයට වාසියක් ඇත්තෙත් නෑ.
තමන්ගේම හිටපු නියෝජ්‍ය නායකයා පරාජය කිරිමට පිඹුරුපත් සකස් කළ කට්ටිය අද අපිත් එක්ක එක්කහුවෙන්න උත්සාහ කරන එක මම නම් පෞද්ගලිකව කැමති නෑ.”

“පක්ෂයට ප්‍රතිසංවිධානය කිරීම මිසක් සමගි ජන බලවේගය කළ යුත්තේ වෙනත් පක්ෂවලට එකතුවීම නොවෙයි. මේ පක්ෂය ඇතුළෙ දක්ෂයො හොඳටම ඉන්නවා. ඔවුන්ගේ දක්ෂතාවයන් හඳුනාගෙන එක් එක් ක්ෂේත්‍රවලින් ඔවුන් ඉස්සරහට ගන්න උත්සාහ කළ යුතුයි. ” ඇය කීවාය. හිරුණිකා වැඩිදුරටත් ප්‍රකාශ කළේ තමන් සමග කටයුතු කරන උගත් තරුණ පිරිස සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමග එක් වුවහොත් දේශපාලන කටයුතු වලින් ඉවත්වනු ඇතැයි හිරුණිකා පැවසුවාය.

” මම හිතනවා අපි වෙනම තරග කරන්න ඕන කියලා. මම විශේෂයෙන්ම පක්ෂ නායකයට කියනවා ඔබතුමා විස සර්පයො ඉන්න හුඹහට අත දාන්නයි ඔය හදන්නේ. බොහොම පරිස්සමින් කියන එක තමයි මට කියන්න තියෙන්නේ.”

“අපි පිරිසිදු කණ්ඩායමක් කියලා කියනවා නම්, අපේ කණ්ඩායමේ කළු පැල්ලමක් ගෑවුන කෙනෙක් නෑ කියලා කියනවා නම් රට විනාස කළ මිනිස්සුන්ගේ ගෙවල්ටිකට නැවතත් ඒ වන්දි මුදල ලබා දීපු රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතු වෙලා සන්ධානගත වෙන්නේ.” ඇය විමසුවාය.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka