gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මෙවර මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කෙරේ – වැඩි වූ ප්‍රමාණයන් මෙන්න

රටේ මෙවර සංවර්ධන න්‍යාය පත්‍රය ඉටු කිරීම සඳහා වන යෝජනා සහ සියලු පාර්ශ්වකරුවන් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ කර ගැනීමේ සැලසුම් අයවැයට ඇතුළත් වේ.

අයවැයෙන් 2025.01.01 සිට 2025.12.31 දක්වා කාලය සඳහා රජයේ වියදම් ලෙස රුපියල් බිලියන 4,218ක් ඇස්තමේන්තු කර ඇත.

2024 වසර සඳහා රුපියල් බිලියන 6,978ක් වෙන් කර තිබියදී මේ වසරේ රජයේ වියදම බිලියන 2760 දක්වා අඩු වී තිබීම විශේෂත්වයකි.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම සහ ආයතනික ව්‍යුහය හරහා පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට උපාය මාර්ගික සැලසුම් සකස් කෙරේ

මේ වසරේ වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 110ක් වෙන් කර තිබෙනවා. 

ඒ, අනුව රාජ්‍ය අංශයේ මූලික වැටුප් සංශෝධනයක් සිදුකොට දශකයක් ගත වී ඇති අතර රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 40000 දක්වා වැඩි කර අදියර වශයෙන් මේ වැටුප් වැඩිවීම ලබාදෙනවා.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka