gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රජයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසිය ඇරඹේ!

අග්‍රාමාත්‍ය කාර්යාලය සතුව ඇති භාවිතා කරන ලද සුඛෝපභෝගී මෝටර් රථ 13 ක් විකිණීමට මිල ගණන් කැඳවා තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රසම්පාදන කමිටුව පවසන්නේ මේ අතර අවුඩි කාර් එකක්, ටොයොටා ලෑන්ඩ් කෘෂර් V8 මෝටර් රථ හතරක්, මර්සඩීස් බෙන්ස් රථ දෙකක්, පෝඩ් මෝටර් රථ දෙකක්, බී. එම්. ඩබ්ලිව් මෝටර් රථයක් මිට්ෂුබිසි මෝටර් රථයක්, නිසාන් මෝටර් රථයක් සහ ලැන්ඩ්කෘෂර් රථයක් විකිණීමට අද සිට මෙම මස 28 දක්වා මිල ගණන් කැඳවා ඇති බවයි.

මෙම වාහන 2005 වර්ෂයේ සිට 2016 දක්වා කාලසීමාව අතර නිෂ්පාදිත ඒවා බව වැඩිදුරටත් සඳහන්.

එම වාහන මිලදී ගැනීමට කැමති ජනතාවට අග්‍රාමාත්‍ය කාර්යාල අරලියගහ මන්දිර පරිශ්‍රයෙහිදී 27වන දින දක්වා පරීක්ෂා කර බලා ලංසු ඉදිරිපත් කළ හැකි බව ප්‍රසම්පාදන කමිටුව වැඩි දුරටත් සඳහන් කරයි.

එමෙන්ම ජනාධිපති ලේඛම් කාර්‍යාලයේ සහ වෙනත් අමාත්‍යංශ සතු අධික ඉන්ධන පරිභෝජනයක් සහිත මේ ව්නවිට භාවිතයෙන් තාවකාලිකව ඉවත්කර ඇති තවත් අති සුඛෝපභෝගී වාහන පෙලක්ද ඉදිරියේදී විකිණීම සඳහා ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka