gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රගපාන්න හදන දයාසිරි මානසික රෝහලකට යොමු කරන්න

ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය, පාර්ලිමේන්තු සභානායක බිමල් රත්නායක සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අතර අද (22) දින පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්වයක් ඇතිවිය.

එහිදී සභානායක බිමල් රත්නායක සදහන් කළේ,

“විපක්ෂ සංවිධායකතුමාගෙන් ඉල්ලා සිටිනවා, මේකෙ එක විපක්ෂ නායකයි, එක විපක්ෂ සංවිධායකයි ඉන්නේ කියලා අපි හිතන් ඉන්නවා. එනිසා ගරු කතානායකතුමනි විපක්ෂනායකතුමා ජාතික වැදගත්කමක් තියෙන ප්‍රශ්නයක් ඇහුවා. දැන් මේක පුරුද්දක් වෙලා තියෙනවා.

තමන්ට මොනවහරි තිබිලා ඒවා නැතිවුණ කට්ටිය සජබ බලය අල්ලන්න ඇවිත් ඒකත් බැරිවෙලා මෙතෙන හැමදාම රගපාන්න හදනවා. මම විපක්ෂනායකගෙන් අහන්න කැමතියි, විපක්ෂනායකතුමාට අමතරව තවත් විපක්ෂනායක කෙනෙක් ඉන්නවාද.? තව විපක්ෂ සංවිධායක කෙනෙක් ඉන්නවාද.?

අපිට කියන්න තියෙන්නේ මේකයි, අපි ස්ථාවර නියෝග වලට පිටින් විපක්ෂනායකතුමාට අවස්ථා ගානක් දුන්නා. නමුත් අපිටත් එහෙනම් මේ විදිහට සම්බන්ධ වෙන්න පුළුවන්. අපිටත් මේ ඕන තරම් ආරක්ෂාව ගැන කතා කරන්න පුළුවන්.

එනිසා,, අපියි ආණ්ඩුව කරන්නේ. එනිසා අපි ඔබතුමාට කියනවා, මෙන්න මේ ඊගෝ ප්‍රශ්නයට ඔබතුමා මොකක්හරි මානසික රෝහලකට මෙතුමාව යොමු කරන්න. නැතිනම් සජිත් මැතිතුමා මෙතුමාට මොකක්හරි තනතුරක් දෙන්න. මොකක්ද මේ වෙලා තියෙන්නේ. හැමදාම මේ නාඩගමද බලන්න ඕන.”


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka