gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මට නොදන්වා මා රජරට සරසවි කුලපති ධුරයෙන් නෙරපලා..- රුවන්වැලි සෑ මහ නාහිමි..

රුවන්මැලි මහා සෑ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ඊතලවැටුණු වැවේ ඥානතිලක නාහිමියන් ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයෙන් ඉවත් කර තිබේ. උන්වහන්සේ 2020 වසරේ සිට මේ දක්වා එම ධුරයේ රාජකාරි කළ අතර රජරට විශ්ව විද්‍යාලයේ කුලපති දුරට පත් වූ ප්‍රථම භික්ෂූන් වහන්සේ ද උන්වහන්සේ වෙයි. 
රජරට විශ්ව විද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස වශයෙන් ආචාර්ය ගල්යාලයේ සුමනසිරි නාහිමියන් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පත්කර ඇත.

කුලපති දුර කාලය වසර පහක් වන අතර ඥානතිලක නාහිමියන්ගේ ධුර කාලය මේ මසින් අවසන් වීමට නියමිතව තිබිණ.

ජනාධිපති කාර්යාලය විසින් එම ධුර කාලය දීර්ඝ නොකර ඒ වෙනුවට සුමනසිරි නා හිමියන් ඊට පත් කර තිබේ.

තමන් වහන්සේට කිසිදු දැනුම් දීමක් නොකර තම ධූර කාලය නිමවූ පසු ඒ වෙනුවට වෙනත් නාහිමි නමක් කුලපති ධුරයට පත්කර ඇති බවද ඥානතිලක නාහිමියන් කියා සිටිති.

දේශපාලන අධිකාරියේ තීන්දුවක් මත මෙසේ නොදන්නවා කුලපති ධුරය වෙනත් හෙමින් නමකට දීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවද උන් වහන්සේ පවසති.

හිටිහැටියේ තමන් කුලපති ධුරයෙන් ඉවත් කෙලේ කුමන හේතුවක් නිසාද යි යන්න පිළිබඳ තමන්ටද සිතාගත නොහැකි බවද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.
-lankacnews
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka