හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (පෙබරවාරි 28 වැනිදා) නියෝග කර තිබේ. මීට වසරකට පමණ පෙර සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදී වැලිගම පොලිසියේ නිලධාරීන් එල්ල කළ ප්‍රති ප්‍රහාරයකින් කොළඹ අපරාධ කොටඨාසයට අනුයුක්තව රාජකාරී කළ උපුල් කුමාර නමැති සැරයන්වරයාගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණ අවසානයේ මෙය අපරාධයක් බව තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට සම්බන්ධ බව කියන පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.
මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයකට මීට වසරකට පමණ පෙර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වු මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේදී ඉදිරිපත් වු සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව සැළකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
මාතර මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ වැලිගම හෝටලයක් ඉදිරිපිටදී සිදුවූ වෙඩි තැබීමකින් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේය.
'2023 දෙසැම්බර් 31 දින වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට, වැලිගම පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වෙඩි තැබීමකින් කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්ත පොලිස් සැරයන්වරයෙකු ජිවිතක්ෂයට පත් වුණා.'
''මෙම සිදුවීමට අදාළ මරණ පරීක්ෂණයේ තීන්දුව අද (පෙබරවාරි 28) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කළා. එහිදී වැලිගම පොලිස් ස්ථානයට අනියුක්ත නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීම පුද්ගලික ආරක්ෂාව අයිතියේ පිහිටා සිදුකළ එකක් බවත්, එම නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස අධිකරණය දැනුම් දී තිබෙනවා.''
''කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මෙම ස්ථානයට යොමු කිරීම නිත්‍යානුකුල නොවන ලෙස සිදුකර ඇති බවත්, ඒ අනුව මේ ස්ථානයට පැමිණි නිලධාරීන් සහ එවකට වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.' පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
වැලිගම සිදුවූ වෙඩි තැබීම කුමක් ද?
වැලිගම පැලෑන ප්‍රදේශයේ පවත්වාගෙන යන හෝටලයකට සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබන බවට 2023 දෙසැම්බර් 31 වැනිදා අළුයම් කාලයේදී වැලිගම පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී වැලිගම පොලිසියේ නිලධාරීන් එල්ල කළ ප්‍රහාරයකින් අනතුරුව අදාළ සුදු වෑන් රථය පළාගොස් තිබිණි.
වැලිගම පොලිසිය කළ දැනුම් දීමකට අනුව ඉමදූව අධිවේගී පිවිසුමේදී අදාළ සුදු වෑන් රථය අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීහූ වෙඩි වැදී තුවාල සහිතව සුදු වෑන් රථයේ සිටි දෙදෙනෙකු 1990 ගිලන් රථ සේවය මඟින් කරාපිටිය රෝහලට යොමු කළ අතර එහිදී වෙඩි වැදී සිටි එක් පුද්ගලයකු මියගොස් තිබු අතර ඔහු කොළඹ අපරාධ කොටඨාසයට අනුයුක්තව රාජකාරී කළ සැරයන් උපුල් කුමාර නමැති 46 හැවිරිදි ගලේවෙල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු බව පසුව අනාවරණය විය.
අනෙක් පුද්ගලයා කොළඹ අපරාධ කොටඨාසයට අනුයුක්තව රාජකාරී කළ උප පොලිස් පරීක්‍ෂකවරයකු බව අනාවරණය වු අතර වෙඩි වැදුණු තුවාල සහිතව සිටි ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබිණි.
'හරක් කටා' සහ 'මිදිගම රුවන්' නමැත්තන්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පුද්ගලයින් කොටු කර ගැනීම සඳහා කොළඹ අපරාධ කොටඨාසය 'යුක්තිය මෙහෙයුම' යටතේ කළ වැටලීමකදී මෙම සිද්ධිය වු බව පසුව අනාවරණය කෙරුණු අතර වැලිගම පොලිසියේ වෙඩි ප්‍රහාරයෙන් මියගිය කොළඹ අපරාධ කොටඨාසයට අනුයුක්තව රාජකාරී කළ උපුල් කුමාර නමැති සැරයන්වරයාගේ ඥාතීන්ට හිටපු මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් පසු අවස්ථාවකදී රුපියල් ලක්ෂ 42ක මුදලක් වන්දි වශයෙන් දුන් බවද අනාවරණය විය.
සිද්ධිය සම්බන්ධයෙන් මතුවු කරුණු මත විමර්ශන කටයුතු දකුණු පළාතේ පොලිස්ථාන වලින් ඉවත් කර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර කෙරුණු අතර සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තා රහස් පොලිස් නිලධාරීහූ අධිකරණයට ඉදිරිපත් කළහ.
සිද්ධියට අදාළව වසරකට අධික කාලයක් පුරා කළ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙය අපරාධයක් බව තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා අපරාධයට සම්බන්ධ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියම කළේය.
හරක්කටා ගේ සගයින් ලුහුබැඳ යාමක් .. !
සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැකකෙරෙන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා මැඩගස්කරයෙදී අත්අඩංගුවට ගෙන මෙරට ගෙන රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටියදී පලායාමට දැරූ උත්සාහයෙන් පසු ඔහුගේ අධාරකරුවන් හා සංවිධාන ජාලය නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක විය.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඊට අදාල විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරා තිබිණ.
එම විමර්ශන සිදුකෙරෙන අතරේ හරක්කටා සහයදෙන ජාලයේ ප්‍රබලයින් සියයකට වැඩි පිරිසක් පිලිබඳ ලැබුන බුද්ධි වාර්තාවක් අනුව ඒ සම්බන්ධයෙන් වහාම ඔවුන් සියලුදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා වෙත නියෝගකර තිබිණ.
ඒ අනුව 2023 දෙසැම්බර් 29 දා සිදුකල පළමු මෙහෙයුමේදී සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගනු ලබන අතර 30 වනදා වැලිගම ප්‍රදේශයේ සිදුකල දෙවන මෙහෙයුම අතරතුර දී අදාල වෙඩි තැබීම් හා මරණය සිදුව තිබිණ.
(උපුටා ගැනීම් | BBC සිංහල සේවය)