gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මෙතන චන්ඩි ඕන්නෑ.. මම කතා කරද්දි වාඩිවෙලා ඉන්න” බිමල්ට මළ පනී.!

පාර්ලිමේන්තුවේ සෑම කමිටුවකම විපක්ෂයේ සාමාජිකත්වය වැඩි කර තිබෙන බවත් එය අඩු කර තිබේ නම් ඔප්පු කරන ලෙස විපක්ෂයේ ප්‍රධානියෙක්ට අභියෝග කරන බව පාර්ලිමේන්තු සභානායක, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සදහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක සදහන් කළේ,

“අපි අභියෝග කරලා කියනවා කාටහරි කියන්න පුළුවන්නම් විපක්ෂයේ ප්‍රධානියෙක්ට, අපි මොන කමිටුවේද විපක්ෂයේ සාමාජිකත්වය අඩු කරලා තියෙන්නේ. අපි වැඩි නොකරපු එක මොක්කද කියලා කියන්න මම අභියෝග කරනවා.

සෑම කමිටුවකම විපක්ෂයේ සාමාජිකත්වය වැඩි කරලා තියෙනවා. විශේෂයෙන් ගත්තොත් බිස්නස් කමිටුවේ. ඔබතුමාලට තිබුණේ දෙකයි, අපි එකක් වැඩි කරා. ඔබතුමාල කියන්න කලින්. ඒ වැඩි කරපු එක ඔබතුමාල සජබයට ගත්තා.

කමක් නෑ.. මට කියන්න තියෙන්නේ, ගරු කථානායකතුමනි මට කතා කරන්න දෙන්න. මෙතන චන්ඩි ඕන්නෑ. චන්ඩි ඕනෙත් නෑ.. මම කතා කරද්දි වාඩිවෙලා ඉන්න වැඩිය හොදයි. ඇහුම්කන් දෙන්න.

ගරු කථානායකතුමනි, අපි සෑම කමිටුවකම විපක්ෂය වැඩි කරලා තියෙනවා. ඊට පස්සේ ඔබතුමාල මේක ගරු ජනාධිපතිතුමාට කියලා තියෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙසක් ලැබුනම අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න ලෑස්ති බවත් කියන්න කැමතියි.”

අද (05) දින පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka