gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් ළඟට ගිය පොහොට්ටුවෝ 25ක් ලබන සතියේ ආයෙත් පොහොට්ටුවට!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මැති-ඇමැතිවරු කණ්ඩායමක් ඉදිරි සතියේදී පමණ නැවත එම පෙරමුණට එක්වීමට නියමිත බව ‘මව්බිම’ වාර්තා කරයි.

මෙලෙස එක්වීමට නියමිත කණ්ඩායමට පොහොට්ටුවේ හිටපු රාජ්‍ය ඇමැතිවරු සහ මන්ත්‍රීවරු 25 දෙනකු පමණ අයත් වන බව එම වාර්තාව පෙන්වාදෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරාධනයෙන් මෙම කණ්ඩායම සාකච්ඡා වට තුනක් පවත්වා ඇති අතර, එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස නැවත පක්ෂයට එක්වීමට තීරණය කර ඇත.

මෙම කණ්ඩායම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් (ගෑස් සිලින්ඩරයෙන්) තරග කළහ.

මෙම කණ්ඩායම එක්වීමෙන් පසු පොහොට්ටුවෙන් වෙන්ව ගිය තවත් කණ්ඩායමක්ද නැවත පොහොට්ටුවට එක්වීමට නියමිත බව එම දේශපාල ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka