gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තා මහතාගේ අත්සනින් යුතුව එල් ටී.ටී.ඊ සංවිධානය ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ව්ම සංවිධාන වල මූල්‍ය වත්කම් සහා ආර්ථික සම්පත් තහනම් කිරීමටද කටයුතු කර ඇත.

එලෙස තහනමට ලක් කර ඇති සංවිධාන අතර ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය, දෙමළ පුනරුත්ථාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශ සීමා ඉක්ම වූ දෙමළ ඊලම් රාජ්‍යය, ලෝක දෙමළ සහනසාධක අරමුදල, මූලස්ථාන කණ්ඩායම, ජාතික තව්හිද් ජමාත්, ජමාතේ මිලාතේ ඊබ්‍රාහීම්, විලයාත් අස් සෙයිලානි, කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ තරුණ සංවිධානය, දාරුල් අදර් අත්තබවියා, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය සහ සේව් ද පර්ල්ස් යන සංවිධාන ඇතුළත් වේ.

ඊට අමතරව, ත්‍රස්තවාදය හා සම්බන්ධ පුද්ගලයන් 222කගේ නාම ලේඛනයක් ද මෙම අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත.

එම සංවිධාන ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා වරින් වර මුදල් සැපයීම සිදු කර ඇති බවත්නි එම වේදනයේ සඳහන් කර ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka