gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැණික් ගඟ රක්ෂිතයේ ඉඩමක ඉදිකළ නිවස – යෝෂිත රාජපක්ෂ!

කතරගම මැණික් ගඟ රක්ෂිතයේ පිහිටි ඉඩමක ඉදිකළ නිවසක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත්තේ ඔහුගේ ආරක්ෂාවට අනුයුක්ත කර තිබූ නාවික හමුදා නිලධාරියකු එම නිවසේ සේවයට යොදවා තිබූ නිසා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග වාර්තා කරයි.

මැණික් ගඟ රක්ෂිතයේ වනාන්තර කොටසක් කපා ඉදිකළ නිවසට ජල සැපයුමද ලබාගෙන තිබිණු අතර කාමර 12ක් සහිත නිවසේ ලිපිනය වන්නේ, වනරාජ පෙදෙස, ඩිපෝ පාර, කතරගම වේ.

එම ලිපිනය සහිත නිවසට ජලය ලබාදීමේ ගිණුම් අංකය වන්නේ 32/07/012/035/17 වන අතර, ඉන්වොයිස් අංක 201508 යටත්තේ මේ නිවසට ලැබී තිබූ ජල බිල්පතක බිල්පත් හිමියා ලෙස සඳහන් වන්නේ ගෝඨාභය රාජපක්ෂ යනුවෙන්ය.

මැණික් ගඟ දෙසට මෙම නිවසේ සිට මාර්ගයක් ඉදිකර ඇති බවත් යෝෂිත රාජපක්ෂගෙන් මේ පිළිබඳ විමසීමේදී කිසිවක් පවසා නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක ප්‍රධානී විශ්‍රාමික මේජර් නෙවිල් වන්නිආරච්චිගෙන් මේ පිළිබඳ එම දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇති අතර ඊට හේතු වී තිබුණේ, ඔහු යටතේ සේවයට යොදවා තිබූ හමුදා සාමාජිකයන් එම නිවසේ කටයුතු වලට යොදාගෙන තිබීමයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka