gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මනූෂගේ මිනිස් ජාවාරමේ සියළු තතු හෙළි වෙයි... ගියපු අය ගැන කිසිදු තොරතුරක් නෑ!

මේ වනවිට මහත් ආන්දෝලනයට තුඩුදී ඇති හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ අනුමැතිය යටතේ ලබාදී ඇතැයි කියන ප්‍රශ්නගත E8 වීසා කාණ්ඩය සම්බන්ධයෙන් ඊයේ (9) පාර්ලිමේන්තුවේදී විශයභාර අමාත්‍ය විජිත හේරත් මහතා කරුණු ඉදිරිපත් කළේය.

එහිදී අමාත්‍යවරයා පෙන්වාදුන්නේ, කොරියා රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිකරගෙන තිබෙනා අවබෝධතා ගිවිසුම අනුව එරට රැකියා සඳහා පිටත්වන ශ්‍රී ලාංකීය තරුණයන්ට E7 සහ E9 ලෙස වීසා කාණ්ඩ දෙකක් යටතේ පමණක් වීසා නිකුත්කරනා බවයි.

E8 ලෙසින් හැඳින්වෙන වීසා කාණ්ඩය සඳහා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ කිසිදු මැදිහත්වීමක් වී නොමැති අතර එම ශ්‍රමිකයන් විදේශ සේවා කාර්‍යංශයේ ලියාපදිංචිවීමක් හෝ සිදුව නොමැති බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

එම හේතුවෙන් මේ වනවිට එම රැකියා සඳහා පිටත්වගොස් අතරමංව සිටිනා ශ්‍රමිකයන් සම්බන්ධව කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත්, නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් පරිබාහිරව සිදුකළ ගිවිසුමක් බැවින් රජයට ඒ සඳහා මැදිහත්වීමේ අභියෝග රැසක්ද මතුව ඇති බවත් විජිත හේරත් මහතා පෙන්වා දුන්නේය.

යම්කිසි අවබෝධතා ගිවිසුමක් රාජ්‍යන් අතර අත්සන් කිරීමේදී එය කැබිනට් මණ්ඩල අනුමැතිය හරහා සිදුවිය යුතු බවත්, මනූෂ නානයක්කාර විසින් අත්සන් කළ එම E8 වීසා ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකර පෞද්ගලිකව අත්සන් කර ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

එම ගිවිසුම මනූෂ නානායක්කාර සහ කොරියාවේ වන්දෝ ප්‍රාන්තයේ නියෝජිතයෙක් අතර පසුගිය වසරේ අප්‍රේල් 26 වනදා අත්සන් කළ නීතිවිරෝධී ගිවිසුමක් බවත් එහි අන්තර්ගතයේ සඳහ්න් වන්නේ කොරියාව සහ පකිස්ථනය අතර ගිවිසුමක තොරතුරු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ, E-8 නැමති වීසා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවේ කිසිදු පෞද්ගලික රැකියා නියෝජිතායතනයකට ශ්‍රමිකයන් දකුණු කොරියාවට යැවීමට හෝ ඒ සඳහා ගාස්තු අයකිරීමට අවසර නොමැති බවත් මෙම නීතිවිරෝධී ක්‍රියාවලිය සම්බන්ධයෙන් කාර්යාංශයට වගකීමක් දැරිය නොහැකි බවත් ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka