gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රතු හාල් නැත්තේ රනිල් කිලෝ 20 ගානෙ බෙදූ නිසා.. බොරු කියන සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුට පියවරක් ගන්නවා - ඇමති වසන්ත

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වැරදි තොරතුරු සමාජගත කරන්නේ නම් ඊට එරෙහිව පියවර ගත යුතු බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානක මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානක මහතා

‘මේ ආණ්ඩුවේ පළවැනි ලොකුම් වංචාව ගැන හෙළි කරන්නට ලැබීම ගැන මා කනගාටු වෙනවා. රටේ මේ වෙලාවේ රතු කැකුළු සහල් නෑ. දකුණේ මිනිස්සු වැඩි පුරම කන්නේ රතු කැකුළු. රතු කැකුළු සහල් අද රුපියල් 280 දක්වා ඉහළ ගිහින් තිබෙනවා. නමුත් පාලන මිල 220යි.

සහල් මාෆියාව නිසා ගිය මාසෙ විතරක් මිලියන 4875 ක් කවුරු හෝ රටේ ජනතාවගෙන් සොරකම් කර තිබෙනවා. මේ කොමිස් තාක්කා කවුද කියා සොයන්න. මේක තමයි මේ ආණ්ඩුවේ පළවැනි වංචාව’

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා

‘රතු හාල්වල ප්‍රශ්නයක් තිබෙනවා. ඊට හේතුව කුමක්ද? දකුණේ තිබූ රතු හාල් පසුගිය ආණ්ඩුව විසින් රතු හාල් නොතන ප්‍රදේශ වලටත් කිලෝ විස්ස ගානේ බෙදා හැර හාල් හිඟයක් ඇති කළා.

සහල් හිඟයට අප ආකාර දෙකකින් මැදිහත් වී තිඛෙනවා. පළමුවෙන් හාල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කරන්න තීරණය කළා.

හාල් මිල වැඩි කිරීමෙන් කෝටි 125 ක් පමණ කොමිස් ගසා ඇතැයි ද චෝදනාවක් කළා. ඒ තතා වැරැදියි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වැරදි තොරතුරු සමාජගත කරනවා නම් ඊට පියවරක් ගත යුතුයි. සතොසේ හාල් 220යි.

මේ ගබඩා හිස් වුණේ පසුගිය ආණ්ඩු කළ වැඩ නිසා. සහල් ආනයනය කරන්න සිදු වුණේ ඒනිසයි’


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka