gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එජාප – සජබ එක්වීමේ පළමු දින සාකච්ඡා සාර්ථක වෙයි!

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරි දේශපාලන කටයුතු සහයෝගයෙන් කළ යුතු බවට වන මූලික සාකච්ඡා පළමු දින සාර්ථක වී ඇති අතර අද (22දා) දින දෙවැනි දිනයටත් එම සාකච්ඡා ඉදිරියටම පැවැත්වීමට දෙපාර්ශ්වය තීරණය කර ඇත. ඒ අනුව අද සාකච්ඡා දෙපාර්ශ්වය යම් රාමුවකට අනුව න්‍යාය පත්‍රයක් යටතේ සිදු කිරීමට ද තීරණය කර තිබේ.

එම සාකච්ඡාවන්හි ප්‍රථම දිනය පෙරේදා (20දා) කොළඹ තරුපහේ හෝටලයකදී පැවැති අතර එම මූලික සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂය සමග එක්වන ලෙස එජාප පාර්ශ්වයෙන් ඉල්ලීමක් කර ඇති අතර සජබය විසින් එය ප්‍රතික්ෂේප කර තිබේ. එසේ වුවද පොදු සංධානයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකඟතාව පළ කර ඇත.

මෙම සාකච්ඡා සඳහා සජබ නියෝජනය කරමින් රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිලක, කබීර් හෂීම්, හර්ෂණ රාජකරුණා, මුජුබර් රහුමාන් යන මහත්වරු සහභාගී වී තිබේ. එක්සත් ජාතික පක්ෂයෙන් එහි මහ ලේකම් තලතා අතුකෝරල, රුවන් විජයවර්ධන, ආර්.එච්.එස්. සමරතුංග යන මහත්ම මහත්මීහු සහ තවත් නීතිඥවරයකු සහභාගි වී ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka