gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පැවැත්වීමට යන ක්‍රිකට් නිලවරණය ඒක පාර්ශවිකයි… අසාධාරණයි… ක්‍රීඩා සමාජයක් විරෝධතා ගොනු කරයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ඒක පාර්ශ්වීය හා අසාධාරණ ලෙස පැවැත්වීමට කටයුතු කරන බැවින් එය අවලංගු කරන මෙන් ප්‍රකාශ කරන විරෝධතාවක් කළුතර පීසීසී ක්‍රීඩා සමාජය මගින් ක්‍රිකට් නිලවරණ කමිටුව වෙත ඉදිරිපත් කොට ඇත.

තමන්ට භාණ්ඩාගාරික හා උප භාණ්ඩාගාරික ලෙස නාම යෝජනා ලබා දීමට තිබුණු අවස්ථාවක් මින් ගිළිහී ගිය බව දක්වමින් කළුතර පීසීසී ක්‍රීඩා සමාජයේ අනුර වීරසිංහ විසින් මෙම විරෝධතාව ඉදිරිපත් කර තිබේ.

නිලවරණ කමිටුව විසින් නාම යෝජනා කැඳවීම සඳහා ඕනෑ තරම් කල් තිබුණද ඒ සඳහා ලබා දී තිබුණේ සතියේ වැඩ කරන දින තුනක් පමණක් බවත් තම ක්‍රීඩා සමාජයද ක්‍රිකට් ආයතනයේ සාමාජිකයකු වුවත් නිලවරණය සම්බන්ධව ඔවුන් කිසිවක් දන්වා නොමැති බවත් ඔහු තම විරෝධතා පැමිණිල්ලේ දන්වා සිටී.

මේ අතර එළඹෙන නිලවරණයේදී ඡන්ද හිමි සාමාජික සංඛ්‍යාව 147 සිට 60 දක්වා අඩු කළ ආකාරය පිළිබඳවද ගැටලු රැසක් තිබෙන බව ලංකාසරට වාර්තා වේ.

මේ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශය මගින් පරීක්ෂණයක් නොකළහොත් නීති මගින් කටයුතු කිරීමට පාර්ශ්ව කිහිපයක් සූදානමින් සිටින බවටද තොරතුරු ඇත.

දැනටමත් නාම යෝජනා ලබා දී ඇති සමහරුන් ක්‍රීඩා පනතේ දැක්වෙන සුදුසුකම් සපුරා නොමැති බවත් වත්මන් ක්‍රිකට් බලධාරීන් විසින් විශේෂ මහා සභා රැස්වීමක් පවත්වා සම්මත කර ගත් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේද වැරදි රැසක් ඇති බවත් ඔවුහු පවසති’


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka