gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පහසුකම් ඉල්ලා ඇමති ලේකම් යකා නටලා.. ඉහල නිලධාරීන්ට බැනලා... ඔවුන් පිරිසක් අස්වෙන්න යයි

ඩොලර් උපයා ගැනීම සඳහා මෙම වසරේ දී වැඩි බරක් යොදන්නේ මෙම අමාත්‍යාංශයෙනි. එම ක්‍රියාවලිය සක්‍රීය කර ගැනීම වෙනුවෙන් නව වසරේ දී ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් පසුගිය සිකුරාදා (27 වැනිදා ) එම අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ඇමැතිවරයා ඊට සහභාගි නොවූ නමුත් නම ඉදිරියෙන් පට්ටමක් ඇති නියෝජ්‍ය ඇමැතිවරයා ඊට එක්ව සිටියේ ය.

අමාත්‍යාංශ නිලධාරීන් හා නියෝජ්‍ය ඇමැතිවරයා අතර සාකච්ඡාව පැවැත්වෙමින් තිබිණි.

ඇමැතිවරයා සාකච්ඡාවට එක් නොවූ නමුත් ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් සාකච්ඡාවට එක්වීමට නියමිත විය. එසේ වුව ද ඔහු නියමිත වෙලාවට පැමිණ සිට නැත. නියෝජ්‍ය ඇමැතිවරයා අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡාව ආරම්භ කර තිබේ. ඉදිරි වසරේ සංවර්ධන ක්‍රියාවලිය සාකච්ඡාවට බඳුන්කරමින් තිබූ හෙයින් අමාත්‍යාංශයේ නිලධාරීහු විසි දෙනෙක් පමණ සාකච්ඡාවට එක්ව සිට ඇති අතර මඳ වෙලාවකින් ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් එම ස්ථානයට කඩා වැදිණි. සිය රථය නවතා තැබීමට අමාත්‍යාංශයේ ස්ථානයක් නොමැති වීම නිසා ඔහු පරලවි සිටියේ ය.

‘‘ අපි ලොකු පඩි දාලා මේ රටට ආවේ වැඩ කරන්න…. ඒකට පහසුකම් දෙන්න කටයුතු කරන්න ඕනෑ…‘‘ යැයි කියමින් හෙතෙම දෝෂාරෝපණය කළේ එතැන සිටි නිලධාරීන්ට ය. අමාත්‍යාංශ නිලධාරීන් ඉදිරියේ හෙතෙම තමන්ගේ අවශ්‍යතාව කියාගෙන ගියේ ඉවක් බවක් නොමැතිව ය.

නව වසරේ ඩොලර් ඉපැයීම වැඩි කර ගැනීමට අදාළව පැවැති වැදගත් සාකච්ඡාවේ සිටි නිලධාරීහු ද සිද්ධියෙන් අන්ද මන්ද වූහ. පෞද්ගලික ලේකම්වරයාගේ ක්‍රියාව ප්‍රතික්ෂේප කරනු වෙනුවට නියෝජ්‍ය ඇමැතිවරයා ඊට අලගු තියමින් ‘‘මාව විහිළුවකට ගන්න එපා…….. ඔයා නිලධාරීන්ගේ වාහන හරස් කරලා වාහනේ ගහන්න…… මම අද මෙතැනින් නැගිටින්නේ රෑ හතට ’’ යැයි පවසා ඇත.

මෙම පෞද්ගලික ලේකම්වරයා ආරක්ෂක නිලධාරියා සමග ද බහින් බස් වීමක් ඇති කර ගෙන ඇති අතර ආරක්ෂක නිලධාරියා ද සිය කාර්යභාරය පැහැදිලි කරමින් අදහස් පළ කර ඇත. දෙදෙනා අතර වූ බහින් බස් වීමේ දී ආරක්ෂක නිලධාරීයාගේ මුවින් නොසරුප් වදන් ද පිට වී තිබෙන බව කියයි. ඊට හේතු වී ඇත්තේ තමන්ගේ මහන්තත්ත්වය පෙන්වීමට පෞද්ගලික ලේකම්වරයා උත්සාහ ගැනීම බවත් කියයි.

කෙසේ වුව ද තමන් අතින් වූයේ බරපතළ වැරැද්දක් බව ඔහුට අවබෝධ වූ නිසාදෝ සාකච්ඡාවෙන් පසු නිලධාරීන් හමු වී ඇති පෞද්ගලික ලේකම්වරයා සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව පළකර ඇති නමුත් එම සිදුවීම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇත. ඇතැම් නිලධාරීන් සිය ධුරවලින් ඉල්ලා අස්වීමට පවා සූදානමින් සිටින බව පැවසේ.

අරුණ පුවත්පතිනි


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka