gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මා කන්ටේනර් පැන්නුවා කීම මට දරාගන්න බෑ - බස්නාහිර ආණ්ඩුකාර

රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලද බහාලුම් 323 සම්බන්ධයෙන් තමනට චෝදනා එල්ල කිරීම පිළිබඳ විමර්ශනයක් සිදු කරන්නැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.

හෙතෙම පෙන්වා දෙන්නේ හිටපු මහජන නියෝජිතයන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කිහිපදෙනෙකු බහාලුම් සිද්ධිය මුල්කර ගනිමින් චෝදනා එල්ල කරන බවය.

තම කීර්ති නාමයට කැළලක් වන ලෙස එම පිරිස් අසත්‍ය තොරතුරු සමාජගත කොට ඇතැයිද හෙතෙම සිය පැමිණිල්ලෙන් කියා සිටී.

අදාළ චෝදනා පිළිබඳව විමර්ශනයක් සිදුකොට තමන්ට සාධාරණය ඉටු කර දෙන ලෙසත් ඉල්ලා සිටින ඔහු පරාජිත කණ්ඩායම් විසින් කරනු ලබන චෝදනා හෙලා දකින බවත් පැවසුවේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka