විදුලි ගාස්තුව සාමාන්‍ය 20% ප්‍රමාණයකින් පහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම නිල වශයෙන් සිය නිර්දේශ දැනුම් දී තිබේ.
ඒ අනුව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයාට එහි වගකීම පැවරී ඇත.
යෝජිත මිල අඩු කිරීම ක්‍රියාත්මක කළහොත් ලංකා විදුලිබල මණ්ඩලයට ඉදිරි මාස හයට සිදුවන පාඩුව රුපියල් බිලියන 45 කට ආසන්න බව වාර්තා වෙයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවන්ට මෙම තීරණය අනුගතද යන්න සලකා බැලීමට සිදුන බව මණ්ඩලයේ ආරංචි මාර්ග පවසයි.
මෙම සියලු කාරණා සලකා බලා විදුලිබල මණ්ඩලය සිය තීන්දුව ඉදිරි ආසන්න දිනයකදී ප‍්‍රකාශ කිරීමට නියමිතව තිබේ.