gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අලුත් කතානායකටත් ලොකු ලෙඩක් වැටේ!

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු නොකරමින් කටයුතු කරන නිසා සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂ මන්ත්‍රි කණ්ඩායම ඊට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට සුදානම් වන බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ ආසන සංයුතිය හා පාර්ලිමේන්තු කාරක සභාවල දැඩි ගැටලු පවතින බවට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රින් පිරිසක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සමඟ සාකච්ඡා කර ඇත.

නමුත් එහිදී එම විපක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම මතු කළ ප්‍රශ්න පිළිබඳව කථානායකවරයා කිසිදු තැකීමක් සිදුකර නැති බව ද එම
නිසා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද වාර්තා වේ.

ඉන් අනතුරුව නැවත පැවැති තේරීම් කාරක සභාවේදීද මේ පිළිබඳව විපක්‍ෂ නායකවරයා ඇතුළු කණ්ඩායම ප්‍රශ්න කර ඇති අතර එහිදීද එම මතුකළ කාරණා කථානායකවරයා තැකීමකට ලක් නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පැවැසීය.

එම නිසා පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ගත හැකි දැඩි ක්‍රියාමාර්ගයකට යන බව විපක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස හා මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, දයාසිරි ජයසේකර, ගයන්ත කරුණාතිලක, ජේ.සී. අලවතුවල, අජිත් පී. පෙරේරා මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.

අනුරාධා හේරත්
ක්‍රිෂාන් පතිරත් ජයසූරි
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka