gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

2030 ආණ්ඩු බලය අල්ලන “එක්සත් ජාතික සමගි ජන බලවේගය”

පුවත්පත් සාකච්ඡාවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේක­ම්ව­රිය ලෙස නුදුරු දිනෙක වැඩ භාර ගැනී­මට නිය­මිත තලතා අතු­කෝ­රළ මහ­ත්මිය පවසන්නේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බල­වේ­ගය එක් පක්ෂයක් ලෙස නැවත ප්‍රතිසංධාන වී ප්‍රභල විපක්ෂයක් ගොඩ නැගීමේ අවශ්‍යතාව මේ වනවිට පැන නැගී ඇති බවයි.

එම අරමුණ ඉටු කර ගැනීම සිය අපේක්ෂාව බවත් ඒ හරහා ගොඩනැඟෙනා ප්‍රභල විපක්ෂයෙන් ආණ්ඩු බලය අත්පත් කරගැනීමට හැකිවනු ඇති බවත් අතුකෝරාළ මහත්මිය පවසයි.

එජාප – සජබ එක­මු­තුව ගැන අද ඔබේ අද­හස කුමක්ද ?

“එදා සිට මම විශ්වාස කළා සමගි ජන බල­වේ­ගය සහ එක්සත් ජාතික පක්ෂය මොන­යම් ක්‍රම­ය­කට හෝ එක් පක්ෂ­යක් විදි­හට, එක් කණ්ඩා­ය­මක් විදි­හට කට­යුතු කළ යුතුයි කියලා. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මම උත්සාහ කළේ එවැනි සම­ගි­ය­කින් අපේ කඳ­වුර ජය­ග්‍ර­හ­ණය කර­වී­ම­ටයි.

ඒත්, එදා ඒ උත්සා­හය අපතේ ගියා. මම අදත් උත්සාහ කර­නවා, ප්‍රාර්ථනා කර­නවා, මේ පක්ෂ දෙක නැවත එක දේශ­පා­ලන කණ්ඩා­ය­මක් බවට පත් කිරී­මට. එම­ඟින් අපිට මුලින් ප්‍රබල විප­ක්ෂ­ය­කුත් පසුව ආණ්ඩු­වක් අත්පත් කර ගැනී­ම­ටත් පැහැ­දිලි අව­ස්ථා­වක් තිබෙ­නවා. අනෙක එක්සත් ජාතික පක්ෂ­යට සහ සමගි ජන බල­වේ­ග­යට වෙනස් දේශ­පා­ල­න­යක් කරන්න තරම් හේතු­වක් නැහැ.

අපේ පක්ෂ දෙකේම ප්‍රති­පත්ති ඉතා­මත් සමී­පයි. ගම් මට්ට­මෙන් ගත්තත් අපේ පාක්ෂි­කයෝ සහ සමගි පාක්ෂි­කයෝ ගොඩක් සමීප පිරි­සක්. ඒ නිසා මේ අව­ස්ථාවේ දි රටට ප්‍රබල විපක්ෂ භූමි­කා­වක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා මූලික වශ­යෙන් අපේ පක්ෂ දෙක එකට එක්ව කට­යුතු කිරීම සිදු විය යුතුයි.”

ඒ කියන්නේ රනිල් – සජිත් සන්ධා­න­යක් ද ?

මම පුද්ග­ලයෝ මූලි­කව කතා කරන්නේ නැහැ. අපි දෙපා­ර්ශ්ව­ය­ටම පුළු­වන් යම් එක­ඟ­තා­වට එන්න. ඒකයි වෙන්න ඕනෑ. ඒ එක­ඟ­තාව කුමක්ද, ඒ එක­ඟ­තාව ඇති කර­ගත හැක්කේ කොහො­මද, මොන විදි­හට ද කියන එක සාකච්ඡා මාර්ග­යෙන් විස­ඳා­ගත යුතුයි. සිදු විය යුත්තේ එක­මු­තු­වක් ඇති වීම පම­ණයි.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka