gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලොවම බියගැන්වු චීන වෛරසය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් දැනුම්දීමක්!

ලෝකයේ අවධානය යොමුව ඇති චීන වෛරසය සම්බන්ධයෙන් රජය ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (09) දින පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

වසංගත රෝග විද්‍යා අංශය නිරන්තරයෙන් ඒ සම්බන්ධයෙන් වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සපයමින් සිටින බවත් එම වෛරසය වැළඳුනු රෝගියෙක් වාර්තා වුවහොත් නිසැකවම ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සදහන් කරයි.

මේ අතර ශ්වසන රෝගයක් වන මෙම රෝගය වැලඳුණු රෝගීන් 2023 වසරේදී ශ්‍රී ලංකාවෙන් හමු වී තිබෙන බවත් 2024 වසරේදී එම රෝගය වැලඳුණු අය මහනුවර මහ රෝහලෙන් හමු වූ බවද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීලිකා මලවිගේ සදහන් කළාය.

ශීත කාලයේ මෙම වෛරසය ලොව පුරා පැතිර යන අතර 2023 දෙසැම්බරයේදී, 2024 වසරේ ජනවාරියේදී ශ්‍රී ලංකාවෙන් රෝගීන් හමුවී තිබෙන බවත් මෙම රෝගය පිළිබඳව අනියත බියක් ඇති කර ගත යුතු නැතැයි ද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීලිකා මලවිගේ සදහන් කළාය.

මෙම රෝගය ලෝකයට හෝ ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවන බවත් බොරු ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීලිකා මලවිගේ සදහන් කළාය.

මෙම රෝගය වෙනුවෙන් එන්නත් හැදීමට හෝ වෙනත් ඖෂධ සොයා ගැනීමට ලොව කිසිදු රටක් උනන්දු නොවන්නේ මෙය ලොව පුරා ඇති සාමාන්‍ය රෝගයක් බැවින් බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීලිකා මලවිගේ සදහන් කළාය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka