හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.
රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන සුදා ක්‍රියේෂන් යුටියුබ් නාලිකාවේ විකාශනය කරන ලද වැඩසටහනක් මගින් අධිකරණයට අපහාස වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමක් සම්බන්ධයෙන් සුදත්ත තිලකසිරිට එරෙහිව මෙම නඩුව මීට සුළු වේලාවකට පෙර අධිකරණය හමුවේ ගොනු කර ඇතැයි වාර්තා වේ.
CA/COC 01/2025 යන අංකය යටතේ මෙම නඩුව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර වෙනුවෙන් ඔහුගේ නීතීඥයින් විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇත.
