දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා බුද්ධාගම යොදා ගැනීමට නැවතත් රාජපක්ෂ පවුල සූදානම් වෙමින් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් සත් දින පිරිත් දේශනාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
සුනාමි මහා ඛේදවාචකයෙන් විපතට පත්වූවන් සඳහා විදේශ ආධාර ලබා දුන් හෙල්පින් හම්බන්තොට ව්‍යාපෘතියෙන් විශාල මුදලක් වංචා කළ මහින්ද රාජපක්ෂ 2005 වසරේදී බෞද්ධාගම යොදා ගනිමින් ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළේය. එම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ලබා ගැනීමට “ශ්‍රි රෝහණ ජනරංජන“ වැනි ගෞරව නාම භික්ෂූන් වහන්සේලාගෙන් ලබා ගැනීමට ක්‍රියා කළේය.
ඒ ආකාරයෙන් ම, මේ වනවිට ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති රාජපක්ෂ පවුල නීති විරෝධී ආකාරයෙන් මහජන දේපළ අවභාවිතා කරමින් සිටී. රුපියල් ලක්ෂ 46ක් පමණ වන මාසික කුළියක් ගෙවිය යුතු විජේරාම මාවතේ පිහිටි මන්දිරය සන්තයේ තබා ගෙන සිටින්නේ හිටපු ජනාධිපතිවරුන්ට නීතියෙන් හිමිකම වූ මාසික කුළිය රුපියල් 33,000ක් පමණ වන වටිනාකම ඉක්මවා යමිනි. මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී තිබුණත් එම මන්දිරය රජයට බාර දීමට තරම්වත් මේ දක්වා ජනතාවට අවංක නොවූ රාජපක්ෂ පවුල දැන් පිරිත් දේශනා මගින් නව දේශපාලන ව්‍යාපෘතියක් දියත් කිරීමට සැලසුම් කර ඇත.
- lankatruth
