gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මහින්දගේ මරණින් පසු ඔහුගේ දේහය මමියක් කර සංරක්‍ෂණය කරන්නැයි කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අභාවයෙන් පසු ඔහුගේ දේහය මහජන ප්‍රදර්ශනය සඳහා සංරක්ෂණය කල යුතු යයි හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ තිස් වසරක සිවිල් යුද්ධය අවසන් කරන ලද නායකයා බවත් අනාගත පරපුර වෙනුවෙන් ඔහුගේ උරුමයට ගෞරව කිරීම සඳහා එවැනි පිළිගැනීමක් ලැබිය යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

ව්ලැඩිමීර් ලෙනින්, හෝ චි මිං යන අයගේ දේහයන් ඔවුන්ගේ රටවල ඓතිහාසික පුද්ගලයින් බැවින් ඔවුන්ගේ නායකයින්ට නිසි ගෞරවය ලබා දුන් බැවින් ඔවුන්ගේ දේහයන් සංරක්ෂණය කර ඇති බව ද හිටපු නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව හිටපු ජනාධිපති රාජපක්ෂට ද එම සැලකීම ලබා දිය යුතු බව ඔහු පෙන්වා දෙයි.

මහින්ද රාජපක්‍ෂ මහතා හෑල්ලු කිරීමට වත්මන් රජය උත්සාහ කරමින් සිටින බවත් පැවසූ ඔහු හිටපු ජනාධිපතිගේ ආරක්ෂාව සහ ගෞරවය තහවුරු කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka