gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පොහොසත් රටක් හැදෙන්නේ මෙහෙමයි... ඩොලර් උල්පතට ආණ්ඩුව අත ගහයි!

පසුගියදා (16) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණයක ප්‍රතිඵල ලෙස සොයාගෙන ඇති දේශීය මිනිරන් බැටරි නිෂ්පාදනයට උචිත ලෙස ඉතාම පිරිසිදු තත්වයට පත්කිරීමේ අඩු වියදම් නව තාක්ෂණ ක්‍රමවේදය හරහා සිදුකෙරෙන නැවත ආරෝපණය කළ හැකි බැටරි නිෂ්පාදනය, වාණිජකරණය කිරීම පිළිබඳව සාකච්ඡාවක් අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් වයි.එල්.මොහොමඩ් නවාවි, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය අතුල සුමතිපාල, මහාචාර්ය සිරිල් විජේසුන්දර, ආචාර්ය අතුල විජේසිංහ, පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් වන චෙරන්ත ද සිල්වා, කපිල ද සිල්වා, ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය සමන් සේනවීර, ජාතික නවෝත්පාදන නියෝජිතායතනයේ ප්‍රධාන නවෝත්පාදන නිලධාරී මහාචාර්ය අජිත් ද අල්විස්, කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය උපුල් සොන්නාදර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

මිනිරන් අමුද්‍රව්‍යක් ලෙස ලෝකය පුරා විශාල කර්මාන්ත සංඛ්‍යාවකට භාවිතා කරනු ලැබේ. ඒ් අතරින් නැවත ආරෝපණය කළ හැකි බැටරි නිෂ්පාදන කර්මාන්තයට ප්‍රමුඛ ස්ථානයක් හිමි යි.

ශ්‍රී ලංකාව සතු ලොව ඉහලම ප්‍රමිතියකින් යුතු ඉතාම උසස් තත්වයේ මිනිරම් මෙම ක්‍රියාවලිය සඳහා ඉතාම යෝග්‍ය වන අතර මෙම කර්මාන්තය සදහා මිනිරන් 99.99 % ක පමණ ප්‍රතිශතයකට එනම් ඉතාම පිරිසිදු තත්වයට පත් කළ යුතු වේ.

එම පිරිසිදු කිරීමේ ක්‍රමවේදය සඳහා අඩු වියදම් නව තාක්ෂණයක් මෙරට ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂකයන් පිරිසක් හදුනාගෙන ඇති අතර ඒ සදහා ඉතාම ඉහල වාණිජමය අගයක් හිමි වේ.

ඉතිහාසය පුරා මෙරට ස්වාභාවික සම්පත් ආශ්‍රිතව අගය එකතු කළ නිෂ්පාදනය බිහිකර අපනයනය කරනු වෙනුවට එම ස්වාභාවික සම්පත් අමුද්‍රව්‍ය ලෙස විශාල වශයෙන් අපනයනය කිරීම සිදුවේ.

ඒ අතරම මෙරට සිදුකරන පර්යේෂණ තුළින් ගොඩනැගෙන නව දැනුම සහ තාක්ෂණය වාණිජකරණය නොකිරීමේ විශාල ගැටළුවක් ද පවතී. මේ සඳහා පිළියම් යෙදීමේ නව රජයේ වැඩපිළිවෙළට අනුව යන ඉදිරි පියවරක් ලෙස මෙම ව්‍යාපෘතියට සුවිශේෂී වැදගත් ස්ථායක් හිමිවේ.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ නිළධාරීන් ජාතික මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයින්, මෙම ව්‍යාපෘතියට මූල්‍ය ප්‍රතිපාදන යෙදවීමට අදහස් කරන පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් අතර මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙම තාක්ෂණික ක්‍රමවේදය වාණිජ මට්ටමට ප්‍රවර්ධනය කිරිම තුළින් රටට ආර්ථික ප්‍රතිලාභ හිමි කරගැනිමට ඇති අවස්ථා පිළිබඳ අදාල පාර්ශව අතර අන්න්‍යෝන්‍ය වශයෙන් අදහස් හුවමාරු කර ගැනීම සාකච්ඡාවේ අරමුණ විය.

අදාළ පාර්ශ්ව අතර ධනාත්මක ප්‍රතිචාර සමග ඉතා සාධනීය ලෙස සාකච්ඡාව පැවැත්විණි. ඒ අනුව අවබෝධතා ගිවිසුමක් මත ව්‍යාපෘතියේ ඉදිරි පියවරයන්ට ළගා වීමට නියමිතයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka